*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඉතිහාසය යළිත් එලෙසම ලියවෙයි – ආසියාවේ ශූරයන් පකිස්තානයද ශ්‍රී ලංකාවද ?

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්විණි. ඒ, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරයි.

කාසියේ වාසිය දිනාගත් පකිස්තානු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තානුවන්ට පන්දුවාර 20 අවසානයේදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 129 ක් පමණි.

පසුගිය තරගවලදී සිය කණ්ඩායම වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබාදීමට හස්රතුල්ලා සහ ගුර්බාස් සමත් වූ නමුත් අද තරගයේදී ලකුණු 43 ක් ලකුණු පුවරුවට එකතු වනවිට ඔවුන් දෙදෙනාටම ක්‍රීඩාගාරය‌ වෙත යාමට සිදුවිය. තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ඉබ්‍රාහිම් ෂඩ්‍රාන් ලකුණු 35 ක් ලබාගත් නමුත් ඒ සඳහා ඔහු පන්දු 37 ක් වැයකර තිබිණි.

සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට පකිස්තානු පන්දු යවන්නන් අවකාශ ලබා නොදුන් අතර හස්රතුල්ලා පමණක් ලකුණු 20 සීමාව පසුකර ගියේය.

ලකුණු 130 ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පකිස්තානු ආරම්භක පිතිකරුවන්ටද සාර්ථකවීමට නොහැකි වූ අතර නායක බාබර් අසාම් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවීගිය අතර මොහමඩ් රිස්වාන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 20 ක් පමණි.

තරගයේ පාලනය සියතට ගත් ඇෆ්ගන් පන්දු යවන්නන් පන්දුවාර 18 ක් අවසන් වනවිට ලකුණු 109 ක් තුළදී පකිස්තානු කඩුලු 07 ක් බිඳහෙළා තිබිණි. 19 වැනි පන්දුවාරයේදී තවත් කඩුලු 02 ක් බිඳවැටෙන විට ලකුණු පුවරුවට එකතු වී තිබුණේ 10 ක් පමණි.

ඒ අනුව පකිස්තානයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 11 ක් ලබා ගැනීමට තිබූ අතර පිටියේ සිටියේ අවසන් පිතිකරුවන් දෙදෙනා පමණි. ෆසල්හක් ෆරුකි යැවූ පළමු පන්දු දෙකටම දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ යොවුන් ක්‍රීඩක නසීම් ෂා පකිස්තානු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සඵල කර ගනිමින් අවසන් තරගය දක්වා සිය කණ්ඩායම රැගෙන ගියේය.

සුපිරි සිව්දෙනාගේ තරග වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී අවසන් තරගයේ ප්‍රතිවාදීන් දෙදෙනා තෝරාාගෙන අවසන්ව තිබේ. ඒ අනුව 15 වැනි වරට මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව හෝ පකිස්තානය හෝ සමත් වනු ඇත.

තරගාවලි ඉතිහාසයේ විශේෂතම කරුණ වන්නේ ඉතිහාසය පුරා ආසියානු කලාපයේ ප්‍රබලතම කණ්ඩායම් දෙක වන ඉන්දියාව හා පකිස්තානය අවසන් තරගයකදී හමු වී නොතිබීමයි. ඉන්දියාව තරගාවලි 10 කදී අවසන් තරගයට සුදුසකම් ලබාගත් අතර පකිස්තානය තරගාවලි 04 කදී අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ.

මෙවර ඉන්දු – පකිස්තාන් අවසන් තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමක් සහිතව තරගාවලියට සහභාගිවීම හේතුවෙනි. කෙසේ නමුත් සුපිරි සිව්දෙනාගේ වටයේදී සුපිරි දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දු-පකිස්තාන් අවසන් තරගයක් දැකබලා ගැනීමට තවත් වසරක් බලා සිටීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදුව තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan