ජර්මනියේ දේශපාලන භූමිකම්පාවක්! අන්ත දක්ෂිණාංශික AfD සක්සනි-ඇන්හෝල්ට් බලය අල්ලයි – බහුතරය අහිමි වෙයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 07 :
ජර්මනියේ මෙවර සක්සනි-ඇන්හෝල්ට් ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික Alternative for Germany ( ‘ජර්මනිය සඳහා විකල්පය’-AfD) පක්ෂය ඉදිරියට පැමිණ තිබේ.

AfD පක්ෂය 42%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රබල ජයග්‍රහණයක් ලබාගෙන තිබුණද, තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමට එය අසමත් වී තිබේ.

මෙම ප්‍රතිඵලය ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා දැඩි අභියෝගයක් ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ CDU ( මධ්‍ය-දක්ෂිණාංශික ‘ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පක්ෂය’) පක්ෂයට 16.4% ලෙස ලැබීම සැලකිය යුතු පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජර්මනියේ ප්‍රාන්ත 16 තුළ හෝ එහි ෆෙඩරල් රජය තුළ කිසිදු පාලන සන්ධානයකට AfD පක්ෂය මෙතෙක් සම්බන්ධ වී නොමැති අතර ඊට හේතුව අනෙකුත් සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ එම පක්ෂය සමඟ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

මෙම ජයග්‍රහණය ජර්මනියේ අන්ත දක්ෂිණාංශික දේශපාලනයේ වර්ධනය පිළිබඳ යළිත් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඉදිරියේදී රටේ ජාතික දේශපාලනයටද එහි බලපෑමක් ඇතිවිය හැකි බවටයි විශ්ලේශකයන් මත පළකරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...