පරම වීර විභූෂණ සම්මානලාභී එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීමට ආ හමුදාධිපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ LNW :

මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින් පිදුම් ලැබූ 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා පැමිණියේය.

2009 මැයි 17 වන දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවැති අතිශය තීරණාත්මක සටනකදී, සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටිමින් තමන්ගේ ජීවිතය පවා නොතකා තම සගයන් ආරක්ෂා කරගනිමින් දක්වන ලද අසමසම වීරත්වය සහ නායකත්වය වෙනුවෙන් එච්. පී. එස්. බණ්ඩාර පරම වීර විභූෂණයෙන් උපහාර ලැබූ අතර, පසුව ඔහු මාණ්ඩලික සැරයන් තනතුරට ද උසස් කරනු ලැබීය.

මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපති විසින් රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු පවුලේ නෑදෑහිතමිතුරන් හමුවී පවුලේ යහපැවැත්ම සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේය.

රට වෙනුවෙන් උතුම් ජීවිත පරිත්‍යාගයක් කළ විරෝදාර රණවිරුවාගේ මතකය ආවර්ජනය කළ හමුදාධිපති, හමුදාවේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන්ම පවුලේ සාමාජිකයින් වෙත හිමිවන බවට සහතික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...