UNHRC වාර්තාවේ මහින්ද සහ රනිල් ගැනත් සඳහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ LNW :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ දූෂණය සහ වංචාව හේතුවෙන් මානව හිමිකම් අභියෝග රැසක් නිර්මාණය වී තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ඉතා සීමිත කොටසක් පමණක් සමාජ සුභසාධන වියදම් සඳහා ලබා ගැනීමට හැකි වී ඇති බවයි.

එසේම, බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ Airbus ගනුදෙනුව සහ ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇති සම්බන්ධය මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා පිළිබඳ කෙරෙන පරීක්ෂණ ගැනද එම වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

අදාළ පූර්ව වාර්තාවට අනුව, 2026 අයවැය මගින් ශ්‍රී ලංකාවේ රජයේ ආදායමෙන් සියයට 49.38 ක් වෙන් කර ඇත්තේ ණය සඳහා වන පොලී ගෙවීම් වෙනුවෙනි.

ණය වාරික ගෙවීම් සහ පොලී ගෙවීම් එකතු කළ විට, රජයේ ආදායමෙන් සියයට 82.59 ක් ණය වගකීම් පියවීම සඳහා අවශ්‍ය වන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් හමුවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.9 ත් 2.4 ත් අතර ප්‍රමාණයක් පමණක් බව වාර්තාවේ සඳහන් වේ.

මහකොමසාරිස්වරයාගේ වාර්තාවට අනුව, 2026 අයවැයෙන් රජයේ ආදායමෙන් සියයට 49.38 ක් වෙන් කර ඇත්තේ හිඟ ණය සඳහා වන පොලී ගෙවීමට පමණි.

ශ්‍රී ලංකාව රජයේ ආදායමෙන් විශාල කොටසක් ණය පියවීම සඳහා වෙන් කරන අතරතුර, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ඉලක්ක කරගත් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ඉතිරිව ඇත්තේ සියයට 1.9 ත් 2.4 ත් අතර කුඩා ප්‍රමාණයක් පමණක් බව වාර්තාව පෙන්වා දෙයි.

එසේම, බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම මගින් රාජ්‍ය මුදල් සීමා වී ඇති මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට අතිරේක පීඩනයක් එල්ල විය හැකි බවද එහි දැක්වේ.

පසුගිය වසර අග සිට නීතිමය ප්‍රතිසංස්කරණ, ආයතනික ශක්තිමත් කිරීම්, පරීක්ෂණ සහ නඩු පැවරීම් හරහා ශ්‍රී ලංකාව දූෂණ විරෝධී පියවර ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණ සඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේදී තවමත් ප්‍රායෝගික අභියෝග පවතින බව වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ රාශියක් ආරම්භ කර ඇති බවත්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් වන බවත් වාර්තාවේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ නවතම වාර්තාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා පිළිබඳ කෙරෙන පරීක්ෂණ ගැනද සඳහන් කර ඇත.

මෙම නිරීක්ෂණ අඩංගු වන්නේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙහිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...