සාර්ථක වූ Moon Sniper” චන්ද්‍ර මෙහෙයුම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයහපත් කාලගුණය හේතුවෙන් තෙවතාවක් “Moon Sniper” දියත් කිරීම කල් දැමුණු අතර අද (07) දින Moon Sniper” චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම  සාර්ථක වූ බව ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

“Moon Sniper” ලෙස නම් කර ඇති අභ්‍යවකාශ යානයේ ගොඩබෑම, සාර්ථකව සිදුවුවහොත් පෙබරවාරි මාසයේදී සඳ මත ගොඩබෑමකට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ..

මෙය සාර්ථකව සිදුවුවහොත් එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත ගොඩ බැස්ස පස්වන රට බවට ජපානය පත්වනු ඇත. මීට සති දෙකකට පෙර ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වීමත් සමග ඉතිහාසගත වූ බවද පසුගිය දා විදෙස් මාධ්‍ය නිවේදනය කළේය.

ජපන් අභ්‍යවකාශ යානය සඳට ආසන්න පැත්තේ ෂියෝලි ආවාටය අසල ස්ථානයක සිට මීටර් 100 ක් ඇතුළත ගොඩබැස්වීමට සැලසුම් කර ඇති අතර , එය මාස හතරක් ඇතුළත සඳ කක්ෂයට ඇතුළු වීමට නියමිතයි.

“Moon Sniper” පෙබරවාරි මාසයේ ගොඩබෑමට උත්සාහ කිරීමට පෙර එය මාසයක කාලයක් සඳ වටා ගමන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...