*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ගැරහීමට ලක්වුණ මිනිස්සු අපි. දැන් වත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න – මුජිබර් රහුමාන්

කොළඹ LNW: පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදුකිරීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ අද ( 07 ) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

රජය පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නේ නැත්නම් චැලන් 4 නාලිකාව හෙළි කළ කරණු වලින් වාසිය අත්වන්නේ අසාද් මවුලානාට බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී හෙළ කළ කරුණු අසාද් මවුලාගේ කතාව සමඟ ගැලපෙන බවත් ආණ්ඩුව ඇතුලේ සිට පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු හරීන් ප්‍රනාන්දුට අල්ලන්න බැරි බවත් රහුමාන් මහතා කියා සිටියේය.

‘‘චැනල් 4 නාලිකාව හරහා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල කරුණු රැසක් පිල්ලයාන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන හිටපු මහ ඇමැති අසාද් මවුලානා කරුණු රැසක් හෙළි කරලා තියෙනවා. මේ හෙළි දරව් කිරීම සමඟ අලුත් කරුණු රැසක් මතුවෙලා තියෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ආවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සහ ඊට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් ලබා දෙනවා කියලා පොරොන්දුවක් ලබා දෙමින්. ඒ හරහා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගිලා තිබුණා.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සමඟ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳ යම් යම් පුද්ගලයින් සැක පළ කළා. අපිත් යම් යම් කරුණු මතු කළා ඇයි මේ ප්‍රහාරයේ විමර්ශන කටයුතු විමර්ශනය කරන්නේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවාට පස්සේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරු 6 ක් වගේ මාරු කළා. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ශානි අබේසේකර,රවී සෙනවිරත්න ඇතුළු 200 ක් පමණ ඒ පරීක්ෂණ වලින් ඉවත් කරලා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන වෙන තැන්වලට මාරු කළා.

ගෝඨාභය රාජපක්ෂ අලුතින් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් යම් යම් කරුණු කාරණා මග හැරලා තිබෙනවා කියලා පාර්ලිමේන්තුව ඇතුලෙදී සහ එළියෙදී යම් යම් පාර්ශ්ව කතා කරලා තියෙනවා.

ඒ අලුත් ආරම්භ කරපු පරීක්ෂණවලදී මග හැරුණු කරුණු වලිදී උත්තර ලැබිලත් නෑ. ඩි අයි ජී නාලක සිල්වා සහරාන්ව අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් ලබා ගන්නවා. ඒ වරෙන්තුව ලබා ගත්තාට පස්සේ නාමල් කුමාර කියන පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් අනුව ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසෙන් ඝාතනය කිරීමේ සූදානමක් තියෙනවා කියලා ඔහුව අත් අඩංගුවට අරගෙන මාස ගණනක් තියාගෙන හිටියා.

සහරාන්ව අත්අඩංගුවට ගන්න ගිය ඩි අයි ජී නාලක සිල්වාව අත් අඩංගුවට ගත්තේ කුමන හේතුවකටද කියලා තාම හෙළි වෙලා නෑ.. ඩි අයි ජී නාලක සිල්වාට නැවත රැකියාව ලබා දීලා තියෙනවා. බෝම්බ පිපිරෙන කාලය වෙනකන්ම ඩි අයි ජී නාලක සිල්වා හිටියේ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුලේ. ඒ පිළිබඳ පැහැදිලි උත්තරයක් ඒ පරීක්ෂණවලින් ලැබුනේ නෑ.

සාරා ජස්මින් 2019 සායින්දමර්දු වල සහරාන්ගේ පිරිස සමඟ ඉන්නකොට බෝම්බ පිපිරිමකින් 16 ක් මරණයට පත් වුණා. ජනාධිපති කොමසමට සහරාන්ගේ බිරිඳ දෙන සාක්ෂි අනුව ඒ බෝම්බ ප්‍රහාරයෙදි සාරා ජස්මින් ජීවතුන් අතර සිටින බව සහරාන්ගේ බිරිදගේ කණට ඇසුන බව කියනවා.

ජනාධිපති කොමිසහ සාරා ජස්මින්ගේ මව ඩී එන් ඒ පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ පරීක්ෂණ වලින් තහවුරු වෙනවා සාරා ජස්මින් සිටින බව. මැරුණ 16 දෙනාම පොලිසිය විසින් හදුනා ගන්නවා. හදුනානොගත් මළ සිරුරක් තිබුණේ කැ කියලා තහවුරු වෙනවා. තවත් ඩී එන් ඒ පරීක්ෂණයක් සිදුකරනවා. ඒ ඩී එන් ඒ පරීක්ෂණයෙන් තහහුරු වෙනවා සාරා ජස්මින් ජීවත් වෙනවා කියලා.

2023,4 වන ඩී එන් ඒ පරීක්ෂණයෙන් කියනවා සාරා ජස්මින් මැරුණා කියලා. සාරා ජස්මින්ගේ ගමේ 3 න් දෙනෙක් ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබා දෙනවා 2019 සාරා ජස්මින් දැක්කා කියලා.

සාරා ජස්මින් ගැන පරීක්ෂණ කළ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීතුමා සාරා ජස්මින්ගේ අම්මාගේ කටඋත්තරයක් අගෙන තියෙනවා ඒකේ කියනවා අම්මා, සාරා ජස්මින් අම්මා එක්ක විඩියෝ කොල් එකකින් කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඒ නිලධාරිතුමා ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදීලා තියෙනවා.

මෙවැනි කරුණ හෙළිදරව් වන විට ආණ්ඩුව කියනවා සාරා ජස්මින් මැරුණ එක තහවුරු වුණා කියලා. මේවැනි කරුණු නිසා පාස්කු ප්‍රහාරයෙ සැක සිතෙන දේවල් කිහිපයක් සිදුවුණා. මේ පරීක්ෂණ කටයුතු කළ ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්මක් ලබාදීලා කරුණු රැසක් හෙළි කරනවා. ඒ කරුණු එකක්වත් විමර්ශනය කළේ නැ.

2018.11.30 වැනිදා වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම සී අයි ඩීයට වාර්තා කරන්නේ එල් ටී ටී ඊ සාමාජකයන් සිදුකල බවයි. පසුව සාහරාන්ගේ බෝම්බ පිපිරිම්වලින් පසු අත් අඩංගුවට ගත් අයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් හොයා ගන්නවා වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළේ සහරාන්ගේ පිරිස් බව. සී අයි ඩී යට වැරදි තොරතුරු දුන්නේ කවුද කියලා හෙළ වන්නේ නෑ. ඇයි මෙහෙම වැරදි තොරතුරු ලබාදුන්නේ කියන එක ගැන පරීක්ෂණ සිදුවෙලා තිවෙනවද දන්නේ නෑ.

එෆ් බී අයි ආයතනය සඳහන් කරනවා සහරාන් සමඟ නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකු ගැන ලබාදුන් තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පුද්ගලයා අත් අඩංගුවට ගන්නවා. ඒ පුද්ගලයා අත් අඩංගුවට ගත්ත ගමන් හමුදා බුද්ධි අංශය ඔහුගෙන් පරීක්ෂණ කරන්න බැ කියලා ඔහුව අරගෙන යනවා.

එෆ් බී අයි ආයතනය පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදුකළා. ඔවුන් සොයා ගන්නවා සහරාන් සමඟ නිතරම සන්නිවේදන කරපු කෙනෙක් ගැන. නමුත් ඒ පරීක්ෂණ දිගටම සිදුවෙලා නෑ.

මාතලේ සහරාන් ගැන පරීක්ෂණ සහ සොනික් සොනික් ලෙස හදුනා ගත් පුද්ගලයා හදුනාගත් බවත් ඒ පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ගියේ නැති බව ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වනා තිබෙනවා. ටාජ් සමුද්‍ර හෝටලයෙන් එලියට පැමිණි ජමිල් කියන පුද්ගලයා සමඟ දුරකතනයෙන් කතා කළ අය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුවෙලා නැ කියලා ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වලා තිබෙනවා.

මේ කරුණු පරීක්ෂණයට භාජනය නොවුන නිසා සම්පුර්ණයෙන් ඇණ හිටලා තියෙනවා.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් වෙන්න පුලුවන් කියලා හිටපු නීතිපති කියනවා.

පාස්කු කොමිසන් වාර්තාවේ පිටු 80 ගාණක් එළියට දැම්මේ නැ කියලත් හෙළි වුණා. ඒ ගැන රජය මොකුත් කියන් නෑ. අවසාන ජනාධිපති කොමිසන් වාර්තවේ බොහො කරුණු හෙළි වෙලා තියෙනවා.

චැනල් 4 නාලිකවට අසාද් මවුලානා ඇවිත් පාස්කු ප්‍රහාරයේ කතා සමඟ සම්බන්ධකම් තියෙන කතා ගැන කියනවා. අසාද් මවුලානා පිල්ලෙයාන්ගේ පැරා මිලිටරි කණ්ඩායමේ සාමාජිකයෙක් කියලා කියනවා. පිල්ලෙයාන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී බලන්න ගිය අසාද් මවුලානාට කියලා තියෙනවා තරුණ මුස්ලිම් රැඩිකල් තරුණ පිරිසක් බන්ධනාගාරය ඇතුලේ ඉන්නවා එයාලා භාවිතා කරන්න පුලුවන් කියලා පිල්ලෙයාන් කියු බව අසාද් මවුලානා කියල තියෙනවා..

මුස්ලිම් තරුණ කණ්ඩායමට බුද්ධි අංශ නිලධාරීන් මුණ ගස්වන්න පිල්ලෙයාන් කියූ බවද අසාද් මවුලානා කියනවා.
සහරාන්ගේ පිරිස එළියට ගන්න නිතිඥවරයෙක් හොයන්න අවාස් මවුලානාට කියලා තියෙනවා.

පසුගිය කාලයේ හෙළදරව් වෙලා තියෙන කරුණ සමඟ බලනවිට මේ කරුණු සමඟ සම්බන්ධතාවයක් තියෙන කරුණු ගැන තමයි අසාද් මවුලානා දැන් කියන්නේ.

අසාද් මවුලානා කියනවා පිල්ලෙයාන් සහ සහරාන්ගේ කණ්ඩායම එකට රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉදලා තියෙනවා. ඒ කතාව ඇත්ත. ඒක බොරු කියලා පිල්ලෙයාන් කියන්නේ නෑ. පිල්ලෙයාන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට අසාද් මවුලානාට උපදෙස් ලබා දි තිබෙනවා.

නිශාන්ත ද සිල්වා චැනල් 4 නාලිකාවේදී කියනවා පිල්ලෙයාගෙ පැරා මිලිටරි කණ්ඩාමේ පිරිසගේ දුරකත පරීක්ෂා කරපු අවස්ථාවේ එයලා ලසන්න වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණ බව .
පැරා මිලිටරි කණ්ඩාමේ වැඩ කරපු පිරිසගේ සම්බන්ධයක් ලසන්න වික්‍රමතුංගේ ඝාතනයට තිබෙන බව අසාද් මවුලානා කියනවා. ලොකුම ගැටලුව තමයි පැරා මිලිටරි කණ්ඩාමේ කවුද සිටියේ කියලා හොයන්න ඕන.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලදි මහ මොළකරුවන් කියලා කිහිපදෙනෙකු ඇල්ලුවා. ඉස්සෙල්ලා හිජාස් ඉස්බුල්ල,රිෂාඩ් බදුයුදීන්. එවා සමාජ ගත කරන්න උත්සහ කළා. පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියලා කියන්න උත්සහ කළා. ඒක කාගේ උවමනාවකද සිදුවුනේ.

හිජාස් හිස්බුල්ලාට නඩුව ඉස්සරහට ගෙනියන්න බැරි තත්ත්වයක් තියෙනා බොරු සාක්ෂි නිසා. රිෂාඩ්ව උසාවියෙන් නිදහස් කළා.

පාස්කු පරීක්ෂණ කණ්ඩායමේ උදවිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති අයව ඇයි සම්බන්ධ කරන්න උත්සහ කළේ. මේ පරීක්ෂණ අවංකනම් සම්බන්ධයක් නැති අය ඇයි මහ මොලකරුවන් ලෙස එළියට දැම්මේ.

හරින් ප්‍රනාන්දු කියලු දේවල් තමයි අසාද් මවුලානා කියන්නේ. මුල ඉදන්ම ගෝඨාභයගේ පරීක්ෂණ කණ්ඩායම් මේ පරීක්ෂණ වෙන පැත්තකට හරවනවා. එහෙම කරන්නෙ කාගේ උවමනාවටද?

සරත් වීරසේකර කිව්වා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නවුෆර් මවුලවි කියලා. නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ දඹුල්ල බස් හොල්ට් එකේදී. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දඹුල්ල බස් හොල්ට් එකේ ඉදියිද? පාස්කු ප්‍රහාරයේ ඇත්ත වහන්න හදනවා කියන චෝදනාව අපි දිගින් දිගටම කළා.

අසාද් මවුලානා කියනවා බුද්ධි අංශ නිලධාරී සලේව සහරාන්ගේ කණ්ඩායම සමඟ සම්බන්ධ කළා කියලා. ඒක කළේ පිල්ලෙයාන්ගේ ඉල්ලීම මත කියලා අසාද් මවුලානා කියනවා.

බුද්ධි අංශ නිලධාරි සලේ කියනවා ඒ වෙලාවේ ඔහු ලංකාවේ හිටියේ නැ කියලා. බෝම්බ පුපුරන අවස්ථාවේ ඉන්දියාවේ හිටියා කියලා කියනවා. මේ ගැන අපිට සාධාරණ පරීක්ෂණයක් ඕන වෙලා තියෙනවා. බුද්ධි අංශ නිලධාරී සලේගේ තර්කයේ වලංගුතාවයක් නෑ. කොළඹ බෝම්බ පිපිරෙනකොට ප්‍රභාකරන් කොළඹ හිටියේ නෑ.

ටාජ් සමුද්‍රා හෝටයේ බෝම්බකරුව ගන්න කියලා අසාද් මවුලානාට බුද්ධි අංශ නිලාරියා දුරකතන ඇමතුමකින් දැනුම් දුන් බව අසාද් මවුලානා කියනවා. අසාද් මවුලානාගේ දුරකතන දත්ත පරීක්ෂා කරලා බලන්න පුලුවන් සලේ ඇත්තටම අසාද් මවුලානාට කතා කළාද නැද්ද කියලා.

දැන් චැනල් 4 එක පට්ට ගහනවා. අසාද් මවුලානා හොරෙක් වෙලා පිල්ලෙයාන් හොද වෙලා. අරන්තාලාවේ භික්ෂු ඝාතනයට වග කියන්න ඕන. දළදා මාලිගාවේ බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන, පොලිස් නිලධාරීන් 600 ක් මරපු එකට වග කියන්න ඕන, නැගෙනහිරි සිංහල මුස්ලිම් ගම්මාන වලට පහරදිලා මිනිස්සු මරපු එකට වග කියන්න ඕන පිල්ලෙයාන් දැන් පිරිසිදු චරිතයක් වෙලා.

මේ හෙළිදරව් වෙලා තියෙන දේවල් ගැන ස්වාධීන සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන. ගෝඨාභය අයින් කරපු පරීක්ෂණ කණ්ඩායම් යොදා ගෙන අලුතින් පරීක්ෂණයක් කරන්න ඕන. අසාද් මවුලානා කියන දේවල් සම්පුර්ණ ඇත්ත කියලා අපි කියන් නෑ. අසාද් මවුලානා කියන කරුණු සහ විමර්ශනයට ලක් නොවුන කරුණු අතර සම්බන්ධයක් තියෙනවා. ආසාද් මවුලානා මේවා හැංගිලා කියන් නෑනේ. අසාද් මවුලානා ජීවමාන ඇසින් දුටු සාක්ෂියක්.

චැනල් 4 කියපු කතාව නෙවෙයි අසාද් මවුලානා කියපු කතාව ඇත්තද බොරුදු කියන එකයි. ඒක හොයන්න. රාජපක්ෂ පවුල චැනල් 4 එකත් එක්ක ජම්මාන්තර වෛරයි කියන බයිලා ගහලා වැඩක් නැ. නාමල් කියනවා චැනල් 4 විඩියෝව වෙබ් සයිට් එකෙන් හොයා ගන්න නෑලු. නැත්නම් කියන්න මම ලින්ක් එක එවන්නම්. නාමල් පට්ට පල් බොරු කියන්නේ.

සහාරාන් කියන්නේ අන්තවාදී ත්‍රස්තවාදියෙක් කියලා අපි පිළිගන්නවා. සහරාන්වගේ කෙනෙක්ට බෝම්බ හදන්න, පුපුරුවා ගන්න,විශාල ලෙස බෝම්බ ප්‍රවාහනය කරන්න, ඒ තාක්ෂණික දැනුමක් ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද. එහෙම ශක්තියක් දෙන්න පුලුවන් කණ්ඩායමක් සහරාන්ගෙ පිටිපස්සේ ඉදලා තියෙනවා කියන එක පැහැදිලි. ඒ කණ්ඩායම ගැන හොයන්න.

රජය මේ ගැන පරීක්ෂණයක් කරන්නේ නැත්නම් චැලන් 4 එකේ කිව්වේ දේවල් වැඩක් නැ කියලා කියනවානම් ඒකේ වාසිය යන්නේ අසාද් මවුලානාට.

ජනාධිපති කොමිසමේ සැකකාරයෙක් කරලා තියෙනවා හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව. තවම ක්‍රියාමාර්ගයක් අරගෙන නැ. ඔහුට තොරතුරු ආවා ඒවා ඉදිරිපත් කළේ නැ කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ මනුස්සයා තාම ඉන්නවා පොලිස් මූලස්ථානයේ ලොකු තනතුරක. ඊළග පොලිස්පති වෙන්න බලාගෙන ඉන්නවා. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන රාජකාරි කළේ නැ කියලා කදාන පොලිසියේ කොස්තාපල් කෙනෙක්ගේ වැඩ තහනම් කළා.

කෙහෙළිය කිව්වා සහරාන්ට පඩි දුන්නා කියලා. තවත් නැහැ කියලා කියන්නේ කොහොමද. ආගමික අන්තවාදයකට ලඝු කරලා මේ නඩුව වහන්න එපා.

රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ කිව්වා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්කොට්ලන්ඩ්යාඩ් එකට භාර දෙනවා කියලා. දැන් ඔහු ජනාධිපති. යහපාලන ආණ්ඩු කාලේ වුනේ කියලා නාමල් කියනවා. ඒ කලේ අගමැති තමයි නාමල්ලගේ ජනාධිපති.

ජනාධිපති තවම නිශ්ශබ්දව ඉන්න එපා. ඔබතුමා අගමැතිව සිටි කාලයේ තමයි මේක සිදුවුණේ. මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට භාර දෙන්න. ඒකට බලපෑමක් තියෙනවානම් කියන්න.

හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී හෙළිකළ දේවල් අසාද් මවුලාගේ කතාව සමඟ ගැලපෙනවා. හරින් ප්‍රනාන්දුට අපි කියනවා තව තවත් ආණ්ඩුව ඇතුලේ ඉදලා වැඩක් නැ. හරින් ප්‍රනාන්දු තවත් ආණ්ඩුවේ ඉන්න එකෙන් වෙන්නේ මිනිසුන්ගේ පිළිකුලට ලක්වෙන එකයි. හරින් ආණ්ඩුව සමග එකතු වෙනකොට කිව්වා පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු අල්ලන එක ඔහුගේ වගකීමක් කියලා.

රනිල් යහපාලන ආණ්ඩු කාලෙත් රාජපක්ෂලාගේ නඩු යට ගහන්න හදපු හැටි අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ සාධාරණව වැඩ කරයි ද කියන එකත් ගැටලුවක් තියෙනවා.” යනුවෙන් රහුමාන් මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan