අනුර සහෝදරයා අසනීපයෙන්. වෛද්‍ය උපදෙස් අනුව විවේක ගන්නවා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය දිනවල එක දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අනුර කුමාර දිසානායක මහතා තරමක අසනීප තත්වයකින් පසුවන බවත් වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතා එක දිනයක විවේකයක් ලබාගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ඇත්තටම මේ රැස්වීමට මම එන්න හිටියෙ නෑ. මම අද බදුල්ලේ යන්න හිටියෙ, බදුල්ලේ ජනහමු කීපයක් තිබ්බා. නමුත් මම බදුල්ලේ යන එක නවත්තලා මෙතෙන්ට ආවෙ මොකද, අද මෙතෙන්ට අපේ අනුර දිසානායක සහෝදරයාට එන්න වෙන්නෙ නැති නිසා. කලබල වෙන්න දෙයක් නෙවෙයි. මොකද පහුගිය ටිකේම අනුර සහෝදරයා ගොඩාක් මහන්සි වුණා, නිදිමැරුවා, ඒ නිසා අසනීප වුණා මේ වෛරස් උණ හැදිලා. එහෙම තියෙද්දීත් වැඩ කළා. අද පොඩ්ඩක් වැඩිවෙලා තියෙන්නෙ අසනීප තත්වය. ඒ නිසා දොස්තර මහත්තුරු අපට තදින්ම ඉල්ලීමක් කළා එක දවසක් අනුර සහෝදරයාට විවේකයක් දෙන්න කියලා. එතකොට හෙට ඉඳන් වැඩකරන්න පුළුවන්. අනුර සහෝදරයා හෙට සිට ආයෙ මේ වැඩේට බහින්න ඕනෙකම තියෙනවා, අද පොඩි විවේකයක් දීලා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දෙයියන්දරදී පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...