*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ජවිපෙ එදා මෙරට අධ්‍යාපනය වෙනුවෙන් කළේ ලොකු විනාශයක් – ජනාධිපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ජනාධිපතිවරයා පවසා සිටියේ, සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවයි.

මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්තටු තිබේනම් ඕනෑම තැනකට ඉගිලිය හැකි බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ එදා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් ඝාතනය කළ බවත් ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 10ක පමණ පසුබෑමක් ඇති වු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ජවිපෙ මෙම විනාශය සිදු නොකළා නම් අද අපේ රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

” අපේ රටේ තරුණ තරුණියන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටුයි. අත්තටු තිබෙනවා නම් ඕනෑම තැනකට ඉගිලෙන්න පුළුවන්. අප නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කළේ ඒ නිසයි. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සමයේ මධ්‍ය මහා විද්‍යාල අරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දි ගුරු විභාගය පවත්වා ගුරුවරු බඳවා ගත්තා.

ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවය ඇති කළා. විශේෂයෙන්ම ගුරු පුහුණුව සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කළා. ඒ වගේම පරිගණක අධ්‍යාපනය ආරම්භ කළා.පසුව අධ්‍යාපනය අන්තර්ජාලය සමඟ එක් කළා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට මුදල් ලබා දුන්නා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනය ඇති කළා. මේ නිසා අද මේ රටේ අධ්‍යාපනය විශාල ලෙස දියුණු වී තිබෙනවා. එදා තිබුණේ එක විශ්වවිද්‍යාලයයි. අද විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා.

රටේ සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට මම ධවල පත්‍රිකාවෙන් යෝජනා කළා. එදා මෙම වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. පාසල්වලත්, රටේත් මිට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. ඒ නිසා මෙය ක්‍රියාත්මක කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා අද අපේ තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබී නැහැ. අපි අත්තටු දුන්නත් ජනතා විමුක්ති පෙරමුණ කකුලට දැමු දම්වැල නිසා එම සිමාව ඇති වී තිබෙනවා.

ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීමේදී වසර 05ක-10ක පසුබෑමක් ඇති වුණා. ඒ කාලයේ බටුවත්තවිතාන උපකුලපතිතුමා, ස්ටැන්ලි විජේසුන්දර උපකුලපතිතුමා වැනි අයව ඝාතනය කළා. ඒ වගේම ආචාර්යවරු ඝාතනය කළා. ඒ නිසා බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. ඒ වගේම විශ්වවිද්‍යාවලට ඇතුලත්වීමට කැමැත්තක් තිබුණේ නැහැ. ගුරුවරු සහ විදුහල්පතිවරු 50කට වැඩිය ඝාතනය කළා. ඒ වගේම පාසල් අධ්‍යාපනය කඩා වැඩුණා. මෙම තත්ත්වය නිසා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ වසර 10ක පමණ පසුබෑමක් ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ මේ විනාශය නොකළා නම් අද අපට ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා.

ඒ නිසා කවුරු කෑ ගැහුවත් English For All වැඩසටහන යටතේ සියලුදෙනාටම ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවස්ථාව සළසනවා කියා මම තීරණය කළා” ලෙස ජනාධිපතිවරයා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan