අත්වැරදීමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ kills Alabama!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඇමෙරිකන් වෛද්‍යවරයකු විසින් ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ප්ලීහාව ඉවත් කිරීමේ සැත්කමට ලක් කෙරුණේ 78 හැවිරිදි බ්‍රයන් නමැති රෝගියාය. සැත්කමින් පසු අධික රුධිර වහනයකින් රෝගියා මියගියේය. මරණ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ සැත්කමින් ඉවත් කර ඇත්තේ ප්ලීහාව නොව අක්මාව බවටය.

සැත්කම සිදු කර ඇත්තේ ප්ලීහාව සම්බන්ධයෙන් 18 වසරක පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තෝමස් ෂැකෝනෝව්ස්කී නමැත්තාය. ප්ලීහාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට ප්ලීහාව හඳුනා ගැනීමට නොහැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට සූදානම් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!