විපක්ෂ නායක සජිත් ඇල්ලේ බස් අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වයි

සටහන – රුවන් නෙළුගොල්ල

ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස් අනතුරින් දිවි අහිමි වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) එක්වූයේය.

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා ඇතුළු සේවක පිරිසක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කිහිපදෙනෙකු සහ බස් රථයේ රියදුරා මෙම අනතුරින් ජීවිතක්ෂ‍යට පත්ව තිබිණි.

තංගල්ල නගරය, කදුරුපොකුණ, අරන්වල, ගැටමාන්න, පල්ලිකුඩාව, දෙනගම සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවසන් ගෞරව දැක්වූ විපක්ෂ නායකවරයා විපතට පත් අයගේ පවුල්වල සාමාජිකයින් හමුවී සිය ශෝකය පළකර සිටියේය.