ශ්‍රී ලංකා පිතිකරුවෝ අළු මතින් නැඟිටිති

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW:

සිම්බාබ්වේ වෙතින් දිනකට පෙර දවා අළු කරන ලද ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය යළි අළු මතින් නැඟිට,ලකුණු 191 ක ඉලක්කයක් කඩුලු 2 ක් පමණක් දැවී පන්දු ඕවර් 20 නිමාවීමට පන්දු 14 ක් තිබියදී පසු කර යාමට සමත් වුණා.මේ තරගයේදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන විස්සයි විස්ස ජයග්‍රහණ සඳහා පදනම සකස් කළ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් විසින් දියත් කරන ආරම්භක කඩුල්ලේ සබඳතාවය බෙහෙවින් වැදගත් වුණා.පසුව එන පිතිකරුවන්ගේ විශ්වාසය තහවුරු කරන සහ ලකුණු වේගය පහසු කරවන එම සබඳතාවය පන්දු ඕවර් 5.2 දී ළඟා වූ ලකුණු 58 ක් වුණා.


කුසල් මෙණ්ඩිස් පන්දු 17 න් ලකුණු 30 ක් සහ පැතුම් නිශ්ශංක පන්දු 20 දි ලැබූ ලකුණු 30 නිසා වඩාත් පහසුවෙන් පිත්ත හැසිරවීමේ භාග්‍යය උදා කර ගත් කමිල් මිෂාර සහ කුසල් ජනිත් තෙවන කඩුල්ලට නොබිඳි 117 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.පළමු තරගයට ක්‍රීඩා කර දෙවන තරගයේදී ඉවත් කළ කුසල් ජනිත් යළි මෙම තරගයට නුවනිඳු වෙනුවට කැඳවා ලබා දුන් අවස්ථාවෙන් උපරිම පල නෙලා ගනිමින් නොදැවී ලකුණු 46 ලබා ගත්තේ පන්දු 26 ට මුහුණ දෙමින්.තරගයේ වීරයා බවට අවිවාදිත ඉණිමක් දියත් කළ කමිල් මිෂාර පන්දු 43 ක් තුළ ලකුණු 73 ක් රැස් කරනු ලැබුවේ හයේ පහර තුනක් සහ හතරේ පහර හයක්ද එල්ල කරමින්.


කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට කරන ලද ආරාධනය ගැන දෙවරක් සිතිය යුතුව තිබුණ බව හැඟෙන ප්‍රහාරයකට සිම්බාබ්වේ කණ්ඩායම මුල පුරන්නට වුණා.එහෙත් ඒවා වේගය පමණක් තිබුණු,දීර්ඝ රැදීමක් නොතිබුණු ඉක්මණින් බිඳ වැටෙන කඩුලු බවට පත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.පන්දු 11 න් ලකුණු 23 ක් රැස් කළ ෂේන් විලියම්ස් එහිදී හොඳම උදාහරණය වුණා.පිළිවෙලකට ලකුණු වේගය සමඟ සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වුණු එකම අර්ධ ශතකයේ ටඩිවන්ශේ මරුමානි පමණක් ලකුණු 51 ක් රැස් කළ අතර ඔහු සමඟ එක්ව පිහිටුවන ලද එකම අර්ධ ශතක සබඳතාවය වූයේ සිකරන්දර් රාසා (28) සමඟ තෙවන කඩුල්ලට පිහිටුවන ලද ලකුණු 56 ක සබඳතාවයය.


පන්දු යැවීමේදී වනිඳුගේ හිස්තැනට ඇතුළත කර තිබෙන දුෂාන් හේමන්ත තමන්ට හිස් තැනක ආදේශයක් පමණක් නොවී කණ්ඩායමේ ස්ථාවර තැනකට ද හිමිකම් ඇති බව පෙන්වමින් ලකුණු 38 ට කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.තරගාවලිය පුරාම කඩුලු අතර සිටිමින් තරග තුනේදී කඩුලු 8 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා ද වූ දුශ්මන්ත චමීර මෙම තරගයේදී ද සිය පන්දු ඕවර් 4 ලකුණු 33 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.
පහතින් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකියි.
https://bit.ly/41GTHao

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...