අයිස් හදන්න ගන්න රසායනික තොගයක් කදානේ නිවසකිනුත් හමුවෙයි!

Date:

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් කඳාන ප්‍රදේශයේ නිවසක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒවා මිද්දෙණියේදී හමුවූ රසායනික ද්‍රව්‍ය වලට සමානකමක් දක්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ඉඩමේ මල් ගස් අතර සඟවා තිබියදීය.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව එම රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර නිවසේ හිමිකාරිනිය විදෙස් ගතව සිටින බවත් මේ වන විට එම පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් සඳහන්.

එම රසායනික ද්‍රව්‍ය අද දින රජයේ රස පරීක්ෂණ වෙත යොමුකිරීමට නියමිතයි.

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...