ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW:

යමක් සිඳු වූ විට එය යළි කවදාවත්ම වෙන කාට හෝ සිඳු නොවනු ඇති බව අප විශ්වාස කළත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඒ තත්ත්වය ඇත්ත වන්නේ නැහැ.2023 වසරේදී ඉන්දියාව විසින් තිරුවාන්තපුරම් හී පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 317 න් පරාජයට පත් කරනවා.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලායන් හී විවිධ කරුණු දක්වමින් මේ පරාජයට හේතුව හැටියට විවිධ කරුණු ගෙන හැර දක්වනු ලැබුවා.


එහෙත් ක්‍රිකට්වල ස්වභාවය අවිනිශ්චිත භාවයම සහ මිහිරිතම බවත් එයම බව පැහැදිළි කරමින් එංගලන්තය 2025 සැප්තැම්බර් මාසයේ 7 වන දා,ඉන්දියාව විසින් 2023 ජනවාරි 15 දා ශ්‍රී ලංකාවට පැවරූ පරාජයේ අමිහිරි වාර්තාව දකුණු අප්‍රිකාවට පවරා දෙනවා.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු ඕවර් 50 නිමාවේ ලකුණු 390 ක් රැස් කරන්නේ කඩුලු 5 ක් පමණක් දැවී.පිළිතුරු ඉණිමට පිවිසෙන ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 22 දී නිමාවට පත්වන්නේ මුළු ලකුණු 73 ක් ව තිබියදීයි.ඒ අනුව ක්‍රිකට් වංශ කතාවේ ජාත්‍යන්තර එක්දින තරගයක වැඩිම ලකුණු ලරතරයක් සහිතව ලැබූ ජය ඉන්දියාවටත්,පරාජය ශ්‍රී ලංකාවටත් හිමි වෙනවා.
මේ වාර්තාවේ වැඩිම ලකුණු පරතර ජයග්‍රහණය එංගලන්තය නමට සහ පරාජයේ අමිහිරි උරුමය දැන් දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.ගෙවුණු සැප්තැම්බර් 7 දා සවුත්හැම්ප්ටන් හී පැවති එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 5 ට ලකුණු 414 ක් රැස් කරනවා.එයට ජො රූට් ලබා ගන්නා ලකුණු 100 ක් සහ ජාකොබ් බෙතෙල් ලබා ගන්නා ලකුණු 110 ක් එකතු වෙනවා.


ඊට පිළිතුරු දීමට පැමිණි ප්‍රබල දකුණු අප්‍රිකානු බල ඇණිය ලකුණු 72 ට සීමා කරනවා.පන්දු ඕවර් 9 ක් ලකුණු 18 ට සීමා කරන ජොෆ්රා ආචර් ලකුණු 18 ට කඩුලු 4ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වෙනවා.ආචර්ට මනා සහයක් දෙමින් අබිදූල් රශිඩ් 13 ට කඩුලු 5 ක් ලබා ගනු ලබනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ ලකුණු පූවරුව.
https://bit.ly/4m5iJHw
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ අවස්ථාවක්
https://bit.ly/46bSzwS
විශාලතම ලකුණු පරතරයක් සහිතව දවා ගැනීම් දැක ගන්න පහත පිවිසුම භාවිතා කරන්න.
https://bit.ly/4mapbgv

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...