මන්දපෝෂණ තත්වයෙන් රට ගලවා ගැනීමට විපක්ෂ නායකගෙන් යෝජනා රැසක් (VIDEO)

Date:

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සියලු කාර්ය සඳහා මාස 6ත් 59ත් අතර දරුවන්, ගැබිණි මව්වරුන්, කිරි දෙන අම්මලා, පාසල් දරුවන් ආදී වැදගත් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ උදෙසා විපක්ෂයක් ලෙස ලබා දිය හැකි උපරීම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (7) මෙරට මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වන විශේෂ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් සඳහන් කළේය.

ළමා හා මාතෘ පෝෂණය සහ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවේ එවැනි විවාදයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති වන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

කොවිඩ් නිසා රට තුළ යම් බැරෑරුම් තත්ත්වයක් ඇති වුණත් එය පාලකයන්ගේ වැරදි නිසා තවත් ඛේදනීය තත්ත්වයට පත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද කඩා වැටුණු බවයි.

එසේ ම යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවට අනුව රටේ වර්තමාන තත්ත්වය ඉතා ඛේදනීය බවත් මානුෂීය ආධාර ලබා දිය යුතු 57 ලක්ෂයකට අධික ජනතාවගෙන් 23 ලක්ෂයක් දරුවන් බවත් අස්වැන්න 40–50%අතර අඩු වී ඇති බවත් ගෘහ ඒකකයක් ආහාර ලබා ගන්නා ප්‍රමාණය 70%කින් අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන් ම රට තුළ 93.7%ක අධි ආහාර උද්ධමනයක් ඇතිවී තිබෙන බවත් ආදායම් තත්ත්වයන් කඩා වැටී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආහාරවල නිසි පෝෂණ නොලැබීම හේතුවෙන් පෝෂණ ඌනතා තත්ත්වයක් ද ඇතිව ඇති බව යි.

මේ හැමදෙයකින් ම සිදු වන්නේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට විශාල හානියක් බවත් එය මානව ප්‍රග්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තත්ත්වයට නුදුරේදීම නැවතීමේ තිත තැබිය යුතු බව යි.

ගැබිනි මව්වරුන්ගේ පෝෂණ සලාකය කප්පාදු කර ඇති අවස්ථාව ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු යැයි පවසන අවස්ථාවක විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම වැරදි බවත් මේ අවස්ථාවේ වඩාත් සැළකිලිමත් විය යුත්තේ පවතින තත්ත්වයෙන් ළමා පරපුර සහ ගැබිනි මව්වරුන් රැක ගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...