ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී දමිතා අබේරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇය අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා ලබාාදුන් නියෝගයක් අනුව සැප්තැම්බර් 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරී ලෙස ඇතුළුවීමේ චෝදනාව මතයි.
ගෝඨා ගෝ ගම අරගලයේ ඉදිරිපෙළ ක්රියාකාරිණියක වූ දමිතා අබේරත්න ජුලි 09 වැනිදා පැවති විරෝධතාවය අතරතුර බලහත්කාරී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී තිබෙන බවට හඳුනාගෙන ඇති බවටයි පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන්නේ.
UN