*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

‘කොයි මිල් ගයා’ නොකී ‘ද ඒලියන්’ සහ කාලය අමතක කර දැමූ.. සත්‍යජිත් රායි

භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය රාකේෂ් රෝෂන් ගේ ‘කොයි මිල් ගයා’ නම් චිත්‍රපටය තිරගත වී අද දිනට (අගෝස්තු 08) වසර 19කි. රේඛා, රිතික් රෝෂන්, ප්‍රීති සින්ටා සුසංයෝගය බොලිවුඩයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කළ ‘කොයි මිල් ගයා’ අභ්‍යවකාශයේ දුර මන්දාකිණියක සිට යාත්‍රාවකින් පැමිණෙන පිටසක්වල ජීවියකු (ජාදු) සමඟ මිත්‍රවන විශේෂ අවශ්‍යතා සහිත රෝහිත් සහ ඔහුගේ ළමා මිතුරු කැලේ වික්‍රමය කියා පායි. වාණිජමය වශයෙන් ‘කොයි මිල් ගයා’ කොපමණ සාර්ථක වූයේ ද කියතොත් එහි අනුප්‍රාප්තික චිත්‍රපට දෙකක් ‘ක්‍රිෂ්’ සහ ‘ක්‍රිෂ් 3’ වශයෙන් 2006 වර්ෂයේදී සහ 2013 වර්ෂයේදී තිරගත විය.



එහෙත් මෙම ලිපියෙන් කියවෙන්නේ ‘කොයි මිල් ගයා’ ඔබට නොකී කතාවක් පිළිබඳවයි. ඒ සත්‍යජිත් රායි ගේ හිරුඑළිය නොදුටු ‘ද ඒලියන්’ පිළිබඳවයි.

සත්‍යජිත් රායි යනු කවුද?
50 – 60 දශක වල ජනප්‍රියත්වයට පත් සත්‍යජිත් රායි යනු හිටපු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිර රචකයකු, වාර්තා චිත්‍රපට නිශ්පාදකයකු, කර්තෘවරයකු, රචකයකු, ගීත රචකයකු, සඟරා සංස්කාරකවරයකු, චිත්‍ර කලාකරුවකු, අක්ෂර වින්‍යාස විශේෂඥයකු සහ සංගීත නිර්මාපකයෙකි. භාරතීය සිනමාවේ සිටි විශිෂ්ටතම චිත්‍රපට නිශ්පාදකයකු වන සත්‍යජිත්ගේ, පතර් පන්චාලි (1955), අපරාජිතෝ (1956), අපූර් සන්සර් (ද වර්ල්ඩ් ඔෆ් අපූ හෙවත් අපූ ගේ ලෝකය) (1959) යන අපූගේ කතාව ගැන කියවූ චිත්‍රපට ත්‍රිත්වය, ද මියුසික් රූම් (1958), ද බිග් සිටි (1963) සහ චරුලතා (1964) අතිශයින්ම ජනප්‍රිය ය.

සත්‍යජිත් තම ජීවිත කාලය තුළ සිනමා පට 36 ක් අධ්‍යක්ෂණය කළ අතර, ඔහුගේ පතර් පන්චාලි චිත්‍රපටය, 1956 කැන්ස් චිත්‍රපට උළෙලේ බෙස්ට් හියුමන් ඩොකියුමන්ට් අවෝර්ඩ් සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන 11කින් පිදුම් ලැබීය. එමෙන්ම, ඉන්දියානු ජාතික චිත්‍රපට උළෙලේ 36 වතාවක් සම්මානයෙන් පිදුම් ලැබූ සත්‍යජිත්, ගෝල්ඩන් ලයන්, ගෝල්ඩන් බෙයාර්, සිල්වර් බෙයාර් මෙන්ම ඇකඩමි ගෞරව සම්මානයකින් ද පිදුම් ලබා ඇත. 1992 වර්ෂයේ දැයෙන් සමුගන්නා සත්‍යජිත් එම වසරේදී ඉන්දියාවේ සිවිල් පුරවැසියකුට හිමිවන ඉහළතම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සත්‍යජිත් ගේ හිරු එළිය නොදුටු ‘ද ඒලියන්’

‘ද ඒලියන්’ යනු සත්‍යජිත් රායි ගේ හිරු එළිය නොදුටු සිනමා සිත්තමයි. ඉන්දියානු-ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ කතාන්දරයක් ලෙස 1967-68 කාලවකවානුවල එළි දැක්වීමට තිබූ ‘ද ඒලියන්’ චිත්‍රපටය එළි දැක්වූයේ හෝ එහි නිශ්පාදන කටයුතු අවසාන වූයේ නැත.


‘ද ඒලියන්’ යනු සත්‍යජිත් විසින් ඔහුගේ පවුලේ සඟරාව වූ ‘සන්දේශ්’ වෙත 1962 වර්ෂයේ ලියූ ‘බන්කුබාබුර් බන්ධු’ (බන්කු බාබුස් ෆ්‍රෙන්ඩ් හෙවත් බන්කු බාබු ගේ මිතුරා) නම් බෙන්ගාල විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් චිත්‍රපටයක් සඳහා නිර්මාණය කළ තිර පිටපතකි. බෙන්ගාලි සමාජය අතර එවකට ‘බන්කුබාබුර් බන්ධු’ නවකතාව අතිශයින් ජනප්‍රියත්වයක් ඉසිලූ අතර, ‘ද ඒලියන්’ තිර පිටපත ඒ ඇසුරින් නිමවූයේ පෘථිවිය සහ පිටසක්වල අතර ඝට්ඨනයක් ඇති බවට ඇමරිකානු ඇතුළු බටහිර සමාජය විසින් ජනවිඥාණය තුළ නිර්මාණය කර තිබෙන පරිකල්පනය වෙනත් මාවතකට යොමුකරමින් මන්දාකිණි අතර පවා යුද්ධය වෙනුවට ආදරය පැතිරවිය හැකි බවට සමාජ මතයක් නිර්මාණය කිරීමේ අරමුණින් විය යුතුය. තිරපිටපතට අනුව, බෙන්ගාලයට ගොඩ බසින පිටසක්වල යාත්‍රාවකින් පෘථිවියට පැමිණෙන ජීවියකු (මිස්ටර් ඇන්ග්), එම යාත්‍රාව පෘථිවි පත්ලේ සිට පොලෝ තලයට මතුවූ පන්සලක් යැයි විශ්වාස කරමින් පූජනීයත්වයෙන් වන්දනාමාන කරන බෙන්ගාලයේ ගම්වැසියන්, එම ජීවියා සමඟ මිත්‍රවන ගම්මානයේ හබා නැමති කොලුගැටයකු, ඉන්දියානු ව්‍යාපාරිකයකු, කල්කටාවේ සිට පැමිණි මාධ්‍යවේදියකු සහ ඇමරිකානු ජාතික ඉංජිනේරුවරයකු වටා ගෙතන සිදුවීම් මාලාව ‘ද ඒලියන්’ කතාන්දරයෙන් කියවෙයි.

‘ද ඒලියන්’ චිත්‍රපටයට සිදුවූයේ කුමක්ද?

සත්‍යජිත් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද ඒලියන්’ කොලුම්බියා පික්චර්ස් (Columbia Pictures) විසින් නිශ්පාදනය කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව, ඇමරිකානු-ඉන්දියානු සම-නිශ්පාදිත චිත්‍රපටයක් ලෙස ‘ද ඒලියන්’ එළි දැක්වීමට කටයුතු යොදා තිබුණු අතර, පීටර් සෙලර්ස් නැමති බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියා සහ එක්සත් ජනපදයේ සදාදරණීය රංගධරයා මාර්ලන් බ්‍රැන්ඩෝ එහි ප්‍රධාන චරිත රඟපෑමට නියමිතව තිබිණි. කෙසේවෙතත්, සත්‍යජිත් ගේ අනුදැනුමින් ද තොරව මෙහි තිරපිටපතේ ප්‍රකාශන අයිතිය වෙනත් පාර්ශවයක් විසින් ලබා ගෙන ඇති අතර, හොලිවුඩය තුළ සත්‍යජිත්ගේ නියෝජිතයා ලෙස කටයුතු කළ මයිකල් විල්සන් නැමැත්තා විසින් ඊට අදාළ මුදලකුත් ලබා ගෙන ඇත. මෙම විල්සන් නැමැත්තා ද ඒලියන් චිත්‍රපටයේ තිරපිටපත නිර්මාණය කිරීමට කිසිඳු අයුරකින් සම්බන්ධ වූ පුද්ගලයකු ද නොවේ!

මෙම සිදුවීමෙන් කළකිරීමට පත් සත්‍යජිත් නැවත ඉන්දියාව බලා පිටත් වූ අතර, 70 – 80 දශක වල මෙම තිරපිටපත නැවත චිත්‍රපටයකට නැංවීමට කොලුමිබියා පික්චර්ස් උනන්දුවක් දැක්වූව ද එය සාර්ථක නොවීය.

හොලිවුඩය සත්‍යජිත්ගේ කෘතිය පැහැර ගත්තා ද? අදටත් නොවිසඳුන අභිරහසක්!

කළකිරීමට පත් සත්‍යජිත් එසේ නිහඬවන විට, 70 සහ 80 දශකවල සත්‍යජිත් ගේ ‘ද ඒලියන්’ කතාන්දරය අනුනාද කරවන ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් හටගන්නා ලදී. එකක් ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ (Close Encounters of the Third Kind) (1977) වන අතර, අනෙක ‘ඊ.ටී: ද එක්ස්ට්‍රා-ටෙරෙස්ට්‍රියල්’ (ET: The Extra-Terrestrial) (1982) ය. මෙම චිත්‍රපට දෙකම හොලිවුඩයේ පිටසක්වල ජීවීන් පිළිබඳව කියවෙන අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපට දෙකකි. එකී චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කර තිබෙන්නේ හොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ස්ටීවන් ස්පීල්බර්ග් ය.



‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ (Times of India) පුවත්පත පෙන්වා දෙන ආකාරයට මෙම චිත්‍රපට දෙක සත්‍යජිත් රායි ගේ ‘ද ඒලියන්’ තිරපිටපතට බොහෝ සෙයින් සමාන ය. ‘ද ඒලියන්’ කතාන්දරයේ පිටසක්වල ජීවියා ගේ බාහිර ස්වරූපය සත්‍යජිත් විස්තර කර ඇති අන්දම, පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවීන් පෘථිවි වාසීන් සමඟ පවත්වා ගන්නා සබඳතාවයේ ස්වභාවය ඇතුළු සමානතා කිහිපයක් ම මෙකී චිත්‍රපටවල ඇතුළත් වෙයි. මෙම චිත්‍රපට දෙකෙන් ‘ද ඒලියන්’ කතාන්දරයට බෙහෙවින් සමීපතාවයක් දක්වන්නේ පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියකු හා කුඩා දරුවකු අතර ඇතිවන මිත්‍රත්වයක් පිළිබඳව කියවෙන ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ඊ.ටී.’ චිත්‍රපටයයි.

‘ඊ.ටී.’ චිත්‍රපටයේ සහ ‘ද ඒලියන්’ තිරපිටපතේ සමානතා දකින සත්‍යජිත් මෙය ඉතාම විනීතව පෙන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය චිත්‍රපට සඟරාවක් වන ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ (Sight and Sound) වෙත මේ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට සත්‍යජිත් කටයුතු කර තිබේ. සත්‍යජිත් පවසා තිබෙන්නේ, ස්ටීවන් ස්පීල්බර්ග් ගේ චිත්‍රපටය තම ‘ද ඒලියන්’ තිරපිටපත හොලිවුඩය ඇතුළු ඇමරිකාව පුරා සංසරණය නොවන්නට සිදු නොවීමට ඉඩ තිබූ බවයි. මීට ප්‍රතිචාර දක්වමින් ස්ටීවන් ස්පීල්බර්ග් පවසා තිබෙන්නේ, එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, සත්‍යජිත් රායි නැමැත්තා විසින් ලියන ලද ‘ද ඒලියන්’ තිරපිටපත හොලිවුඩයේ සැරිසරන කාලසීමාව තුළ තමා උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු බවත් ය. කෙසේවෙතත්, ‘ස්ටාර් වීක්එන්ඩ්’ (Star Weekend) සඟරාව සත්‍යජිත්ගේ තර්කයට සහාය වෙමින් අනාවරණය කර සිටියේ ස්පීල්බර්ග් ගේ ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, ඔහු උසස් පාසල සමත්ව නික්ම ගොස් ඇත්තේ 1965 වර්ෂයේදී බවත්, ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක වෘත්තිය හොලිවුඩයේ ආරම්භ කර ඇත්තේ 1969 වර්ෂයේ බවත් ය. මේ කාලසීමාව වන විට, 1967 කාලසීමාව තුළ ලියවුනු ‘ද ඒලියන්’ තිරපිටපත හොලිවුඩයේ සැරිසරමින් තිබූ බැවින් ස්පීල්බර්ග් ගේ තර්කය පිළිගත නොහැකි බව එම සඟරාව තර්ක කර සිටියේය.

ඒ සියල්ල එසේ වූව ද, අදටත් මෙම ගැටළුවට පිළිතුරක් නොමැති අතර, සත්‍යජිත් රායි ඉන් මත්තට මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ කටයුතු කර ඇති බවක් වාර්තා වන්නේ ද නැත.

සත්‍යජිත් ට යුක්තිය ඉටු කිරීමට රාකේෂ් රෝෂන් පෙරට? හොලිවුඩයේ කට වැසෙයි!

ස්පීල්බර්ග් ගේ ‘ඊ.ටී.’ චිත්‍රපටය නිකුත් වී වසර 21 කට පසු ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන රාකේෂ් රෝෂන් විසින් සිය පුතණුවන් වන රිතික් රෝෂන් රංගනයෙන් දායක වූ ‘කොයි මිල් ගයා’ චිත්‍රපටය නිකුත් කිරීම 2003 වර්ෂයේදී සිදුවෙයි. චිත්‍රපටය නිකුත් වූ දා සිට දශක 2 – 3 ක අතීතයේ ජන විඥාණය මත බැලූ බැල්මට මෙම චිත්‍රපටයේ සිදුවීම් දාමය ස්පීල්බර්ග් ගේ ‘ඊ.ටී.’ චිත්‍රපටයට බොහෝ සෙයින් සමාන මෙන් පෙනුන ද, ‘කොයි මිල් ගයා’ චිත්‍රපටයට එරෙහිව ප්‍රකාශන අයිතීන් පිළිබඳ නඩු කීමට හෝ ගතු කීමට හොලිවුඩය පැමිණියේ නැත. ඊට හේතුව නම්, ‘කොයි මිල් ගයා’ චිත්‍රපටය නිමවී තිබෙන්නේ, තම ස්වකීය රාජ්‍යය වූ භාරතයේ සදාදරණීය චිත්‍රපට නිශ්පාදකයා වූ ඒ වන විටත් දැයෙන් සමුගෙන තිබූ සත්‍යජිත් රායි ගේ ‘ද ඒලියන්’ කතාන්දරය පාදක කරගනිමින් ය.

මේ පිළිබඳව රාකේෂ් රෝෂන් හෝ සත්‍යජිත් ගේ නියෝජිතයකු නිල වශයෙන් අදහසක් ප්‍රකාශ කර ඇති බවක් වාර්තා නොවූව ද, ‘කොයි මිල් ගයා’ චිත්‍රපටය පිළිබඳ මාගේ අදහස නම්, එය [2003 වර්ෂයේ සිට ආපස්සට සලකා බැලුවහොත්] ‘ඊ.ටී’ හරහා දශක දෙකකට පෙරත්, මයිකල් විල්සන් නැමැත්තා විසින් පිටුපස සිට පිහියෙන් ඇන්නාක් මෙන් දශක හතරකට පමණ පෙරත් සත්‍යජිත් ට සිදුකළ අසාධාරණයට යුක්තිය ඉටු කිරීමකි.

පසුකලක සත්‍යජිත් ගේ පුතණුවන් වූ සන්දිප් රායි විසින් ඔහුගේ මුල් කෘතිය වූ ‘බන්කුබාබුර් බන්ධු’ නවකතාව රූපවාහිනී චිත්‍රපටයකට ගොඩනැඟූ අතර, ඒ හා සමඟාමීව ම ‘ස්වප්නසන්ධානි කෞෂික් සෙන්’ නාට්‍ය කණ්ඩායම සමඟ වේදිකා නාට්‍යයක් ද ඒ අනුසාරයෙන් නිර්මාණය කරන ලදී. ඒ 2006 වර්ෂයේදී ය.

Isuru Parakrama_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan