රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් අවධානයෙන්!

Date:

දෙවන එලිසබෙත් රැජිණ වෛද්‍ය අධීක්ෂණයේ බැල්මොරල් මාලිගයේ..

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවතින බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

96 හැවිරිදි එංගලන්තයේ දෙවන එලිසබෙත් බැල්මොරල් මාලිගයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම නිසා බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබේ.

මාලිගය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ (07) දින ඈ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ හමුවකින් අනතුරුව ය.

වෛද්‍යවරුන් විසින් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පවසා තිබෙන්නේ ඈ දිගටම වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේක ගත යුතු බවයි.

මීට ඉහත චලන අපහසුතා පමණක් පැවති එලිසබෙත් රැජිණට එම අපහසුතා වලට අමතරව තවත් සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අවධානය අවශ්‍ය වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

කෙසේවෙතත්, ඇය සුවපහසුවෙන් පසුවන බව බකිංහැම් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් බව ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි. එමෙන්ම, ඈ සිටින මාලිගයට දැඩි රැකවල් යොදා තිබේ.

චාර්ල්ස් කුමරු ඇතුළු ඇගේ දරුවන් මේ වන විට මාලිගයෙන් බැහැරව සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම ඇගේ සුවදුක් බැලීමට රජ පවුලේ සාමාජිකයන් පැමිණීමට නියමිත බව ද සඳහන්.

මේ අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය ද එලිසබෙත් රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පුවත පිළිබඳව සිය දැඩි අවධානය යොමුකර ඇති බව වාර්තා වේ. තමාගේ මෙන්ම එක්සත් රාජධානිය පුරා වෙසෙන ජනතාවගේ සිත්වල මේ මොහොතේ පවතින්නේ රැජිණ ගේ යහපත් සෞඛ්‍යය බව ඈ ප්‍රකාශ කර තිබේ.

ඉකුත් දින බ්‍රිතාන්‍ය පාලක පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජයග්‍රහණයට පත්වූයේ ලිස් ට්‍රස් මහත්මිය වන අතර, ඈ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය පරිදි එලිසබෙත් රැජිණ ඉදිරියේ ය.

සාමාන්‍යයෙන් දෙවන එලිසබෙත් රැජිණ ගේ 70 වසරක පමණ පාලනය තුළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් දිව්රුම් දීම සිදුකෙරුනේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයේ වූව ද, මෙවර විශේෂත්වය වූයේ ලිස් ට්‍රස් මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දීම සිදුවූයේ බැල්මොරල් මාලිගයේ වීමයි.

මෙය රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සලකා සිදූවූවක් බවට ඇතැම්හු මත පළකරති.

ඡායාරූප: ගෙටී ඉමේජස්

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...