බේරේට වසන්තය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):මෙරට රජය කිසිඳු පිරිවැයක් නොදරමින්, බේරේ වැවේ ජලයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ බේරේ වැව වඩාත් ඵලදායි ලෙස භාවිත කිරීම අරමුණු කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ඊයේ (07) ආරම්භ කරණු ලැබීය.

වසර 20ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ ‘ග්‍රෙපෝ ප්‍රයිවට් ලිමිටඩ්’ පෞද්ගලික ආයතනය විසින් සපයනු ලබයි. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 03ක් බව වාර්තා වේ.

ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ යන්ත්‍ර 40ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. තවද ක්ෂුද්‍ර නැනෝ බුබුළු තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පරිසර හිතකාමී බැක්ටීරියා එන්සයිම භාවිතයෙන් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි.

එහි දී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ,

“පර්යේෂණවල ප්‍රතිඵල අනුව අත්දැකීමෙන් කියනවා මාසයක් අතුළත මේකේ ගඳ නැතිවෙනවා. මාස 06ක් ඇතුළත පතුල පේන්න සුද්ධ කරලා දෙනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...