ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න පොහොට්ටුව ඉස්සරහා කතිරය ගහන්න – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අලුත් පරම්පරාව විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්ති තුළින් මේ රට ගොඩනැඟිය හැකි යැයි තමන් තරයේ විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි වැඩකරන දේශපාලන බලවේගයක් සහ වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි අවස්ථාවාදීව අපේ ප්‍රතිපත්ති මැතිවරණ ඉලක්ක කරගෙන වෙනස් කරන්නෙ නෑ. අපි පැහැදිලිවම උද්ධමනයට සමානුපාතිකව රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් පඩි වැඩි කළයුතුයි කියන ස්ථාවරයේ ඉන්න දේශපාලන බලවේගයක්. අපි ඒක කරනවා. ඒක කරන්න පුළුවන් බදු ක්‍රමවේදයක් රටේ අනුගමනය කළයුතුයි කියලා අපි විශ්වාස කරනවා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණක් දේශීය ගොවියා, කම්කරුවා, ධීවරයා, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම තුළින් පමණක් අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියලා විශ්වාස කරන දේශීය චින්තනයත් එක්ක ගොඩනැඟිච්ච දේශපාලන බලවේගයක්. අලුත් පරම්පරාව විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්ති තුළින් රට ගොඩනඟන්න පුළුවන් කියලා අපි තරයේ විශ්වාස කරනවා. ඔබ කියවලා බලන්න මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළම අපේ රටට ඔබින්නෙ මොන ප්‍රතිපත්තිද ? රට බෙදලා ජාතීන් අතර අර්බුදයක් ඇති කරලා ඡන්ද ගන්න හදන්නෙ කවුද ? එහෙම නැත්නම් ඇත්තටම කරන්න පුළුවන් දේ කියලා රට ගොඩනඟන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කවුද කියලා තීන්දුව ඔබ තමුන්නාන්සෙලා ගන්න. ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න 21 වෙනිදාට පොහොට්ටුව ඉස්සරහා කතිරය ගහන්න”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...