“බලයට ආවම අපි බලාගන්නම්” යැයි NPP කළ තර්ජනයට දොළවත්ත CID යයි.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ (LNW):

ජනතා විමුක්ති පෙරමුණේ අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුවේ යැයි කියන පුද්ගලයෙක්, ඔවුන්ගේ ටී ෂර්ටයකින් සැරසී “බලයට ආවම අපි බලාගන්නම්. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුදෙනාට පහර දෙනවා” යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

NPP සඳහා සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ජාතික ජන බලවේගයේ පක්ෂ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ‘‘අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා’’ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බව පාර්ලිමන්තු මන්ත්‍රිවරයා සඳහන් කළ අතර, මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...