*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඇමතිකම නිසා මට ඊයෙ නින්ද ගියෙත් නෑ – ගීතා කුමාරසිංහ

ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ කාන්තාවන් හා ළමුන් බව ළමා කා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. කුඩා ළමුන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව හා ගර්භනී කාන්තාවන් බහුතරයකට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වී ඇති බවත් රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කරනවා.

ඒ අනුව තමාට ලැබුණු අමාත්‍යංශය ඉතා බැරෑරුම් හා වගකීම් සහගත අමාත්‍යංශයක් බව පෙන්වා දෙන ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ ඊයේ රාත්‍රී එළිවනතෙක් නිදිවර්ජිතව අමාත්‍යංශයේ බරපතලකම සම්බන්ධයෙන් කල්පනා කළ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත රටේම ජනතාව වෙනුවෙන් වැඩ කිරීම සඳහා අවස්ථාව ලැබී ඇති බවත්, තමා පිළිබඳව විස්වාසය තැබීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බවත් ඇය පවසනවා.

වසර 14 කට තම දේශපාලන ජීවිතය තුළ කුමන රජයක් යටතේවත් මහජන මුදල් රුපියලක් හෝ ලබාගෙන නොමැති බවත්, ජනතා සේවය වෙනුවෙන් ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ඇතුළු කෝටි ගණනක දේපල අහිමි කරගත් බවත් කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා. කිසිදු පුද්ගලයෙකුට, තමා හොරෙක් යැයි චෝදනා කළ නොහැකි බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරිය පවසන්නේ එම කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට කටයුතු කරන බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan