රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ LNW :
පසුගිය ජනවාරි 09 වැනිදා ‘කොණ්ඩ රංජි’ නැමැත්තා ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව, ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මෙම අපරාධ කල්ලි සාමාජිකයා රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර ඇති බව වාර්තා වේ.
එවකට, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද වැඩිදුරටත් වාර්තා වේ.


