ඇෆ්ගන් පරාජය ගැන පරීක්ෂණයක්?

Date:

පැවත්වෙමින් තිබෙන ආසියාතික කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය වීම සම්බන්ධයෙන් ඔවුන්ට යම් අසාධාරණයක් වූ බවට එල්ල වන චෝදනාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙනු ඇතැයි විශ්වාසය පළ වෙනවා.පන්දු ඕවර් 38.1 දක්වා ඔවුන්ට තරගය ජය ගැනීමට ඉඩ තිබුණ නමුත් ජයග්‍රහණය සහ සුපිරි සිවිදෙනාගේ වටයට පිවිසීම සඳහා ඔවුන්ට ප්‍රදර්ශනය කළේ පන්දු ඕවර් 37.1 දක්වා වූ ඉලක්ක පමණක් බව එහිදී අවධානයට යොමු වී තිබෙනවා.


ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ මේ තොරතුරු දර්ශන තිරවල ප්‍රදර්ශනය නොවීමෙන්,ඇෆ්ගනිස්තානයට තමන්ට තරගය ජය ගැනීමට මෙන්ම අවසන් සිව් දෙනා අතරට ඒමට හැකි මාර්ග ගැන නිසි අවබෝධයක් නොලැබීම ගැන එල්ල වන විවේචන සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවයි.මේ තත්ත්වය ආසියාතික රටවල් කිහිපයකින් පත් කර තිබෙන ආසියානු තාක්ෂණික කමිටුවට ද වාර්තා වී තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන අතර තරගයේ තීරණය සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොවුණත්,එම වගකීම භාරව සිටිය නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

සටහන -නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...