සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW):ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කර සිටියේ, කලා විෂය ධාරාව හදාරන සිසුන්ට, විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බවයි.
වසර 4 කට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ සංඛ්‍යාව 63% කින් ඉහළ ගොස් ඇති බවද, පාස්කු බෝම්බ ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි හේතුන් නිසා උසස් අධ්‍යාපනය යම්කිසි පසුබෑමකට ලක්වී තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් මේ සියලු දෙනා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැති බවත්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව විශ්වවිද්‍යාලයක සිසුන් 15කට එක් ආචාර්යවරයෙක් සිටිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය, නමුත් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිසුන් 30කට ඉන්නේ එක් ආචාර්යවරයෙක් පමණක් බවද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
