හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW :

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ලබන 15 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ බව වාර්තා වේ. ඒ, රුපියල් මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපළ ආයතා ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරූ නඩුවකි.

අද (10) දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන මේ වන විට භාරදී තිබෙන බවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන ගණනාවක් මේ දක්වා ලබාදී නොමැති බවයි. මෙහිදී විනිසුරුවරිය අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නේ අදාළ ලේඛන විත්තියට ලබාදී තිබේදැයි හරිහැටි පරීක්ෂා කර ඊළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

එම ලේඛන මේ දක්වා ලබාදී නොමැති නම් ඒවා විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් අධිකරණය විසින් අල්ලස් කොමිසමට දන්වා සිට ඇති අතර, අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කර කාලසමාවේදී අයථා ලෙස රුපියල් මිලියන 97 කට ආසන්න බැංකු ගිණුම් ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...