ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමතිකමක් ලැබුණා නම් නාමල්ට කැබිනට් ඇමතිකමක් ෂුවර් – විමල්

Date:

රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා නම් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“මිනිස්සු මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක ඉතාම දරුණෙ ලෙස රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් අද රාජ්‍ය ඇමතිවරුන් අතරට ශෂීන්ද්‍ර රාජපක්ෂ දාලා තියෙනවා. මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවා නම් නාමල් රාජපක්ෂට අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිකමක් දෙනවා. මොකද ඒක තමයි ඕකෙ සූත්‍රය. දැන් මේගොල්ලො මේ ඒ ටික බෙදාහදාගෙන ආයෙ අර පරණ සෙල්ලම නේද මේ කරන්න යන්නෙ ? ඕකෙ ඉන්න සමහරුන්ට මේ ඇමති කට්ටක් නැතුව හුස්ම ගන්න බෑ”

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...