අන්තර්ජාතික සංවර්ධන සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනයේ (USAID) ප්රධානී සමන්තා පවර් මහත්මිය අද (10) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ, දෙදින නිල සංචාරයක් සඳහා ය.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙසේ ඇය මෙරටට පැමිණෙන බව සඳහන්.
මෙම සංචාරය තුළදී ඒ මහත්මිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජයේ ප්රධානීන් සහ ඉහළ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ය.
RN