කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Date:

කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසාදමා ඇති බව වාර්තා වේ. නෝර්වේ රජයේ තීරණයක් අනුව මෙය සිදුව තිබේ.

ශ්‍රී ලංකාව, ස්ලෝවැකියාව, කොසෝවෝ, මැඩගස්කරය යන රටවල තානාපති කාර්යාල සහ ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමට නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති අතර ආසන්නයේ පිහිටි රටවල පිහිටා ඇති නෝර්වේ තානාපතිවරුන් හරහා අදාල රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.

යුද සමයේදී කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය අතිශය කාර්යබහුල ස්ථානයක් වූ අතර මෙරට සාම ක්‍රියාවලියේ මැදිහත්කරුවෙකු ලෙස නෝර්වේ රාජ්‍යය කටයුතු කළ හෙයින් මෙරට තානාපතිවරයා ලෙස රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ අත්දැකීම් සපිරි තානාපති නිළධාරීන් පත් කිරීමටද කටයුතු කර තිබිණි.

යුද්ධය අවසන්වීමත් සමග නෝර්වේ තානාපති කාර්යාලය සතු කාර්යභාරය සැළකිය යුතු අන්දමකින් අවම වූ අතර තානාපති කාර්යාලය වසා දැමීමට එයද හේතුවක් වන්නට ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී නෝර්වේහි ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද වසා දැමීමට තීරණය කර තිබිණි. තාවකාලිකව තානාපතිවරයා ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කළද යළිත් එම කාර්යාලය ස්ථාපිත කරන දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...