වෙල්ගමගේ පක්ෂයේ ගම්පහ නායකයා චන්ද්‍රිකා – අත්තනගල්ල ආසනය විමුක්තිට

Date:

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති නව ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සහ ආසන සංවිධායකවරුන් පත් කිරීම ආරම්භ කර තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බවයි කුමාර වෙල්ගම මහතා පවසන්නේ.

ගම්පහ දිස්ත්‍රික්ක‌යේ නායකත්වය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දරන බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ජීවන් කුමාරතුංග මහතා කටයුතු කරන බවත් වෙල්ගම මහතා පවසනවා. ජීවන් කුමාරතුංග මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරයි.

මේ අතර හිටපු ජනාධිපතිනියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතා අත්තනගල්ල ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීමට සූදානම් බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කරනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී විමුක්ති කුමාරතුංග මහතා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවට පුවත් වාර්තා වූ නමුත් දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බව ඔහු පවසා තිබිණි. හිටපු ජනාධිපතිනියද පවසන්නේ තම පුත්‍රයා දේශපාලනයෙන් හැකිතරම් ඈත්ව සිටීම තම කැමැත්ත බවයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද තම පක්ෂයට එකතුවීමට කැමැත්තෙන් සිටින බව කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...