කාම්බෝජය දඬුවම් පහරින් දඩුවම් ලබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 11, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර 2027 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පැවත් වූ දෙවන තරගයේ ජය අත් කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.දඩුවම් පහර දක්වා දිගු වුණු කරට කර පැවති තරගයේ දී සුජාන් පෙරේරාගේ දෑතින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ ගෝල ප්‍රහාර දෙකක්ම නිශ්ක්‍රීය වීමෙන් ඉනික්බිති දඩුවම් පහර හතරක් නිමා වන විට ශ්‍රී ලංකාව 4- 2ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් විය.ඒ නිසා පස්වන දඩුවම් පහර යුගලය අත්හදා නොබලාම ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමි විය.


තරගයේ පළමු අර්ධය නිමා වන විය පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.ඒ ඔලිවර් කෙලාර්ට්ගේ පාදයෙන් එකතු වුණ ගෝලයකින්ය.1-0 ක් ලෙස පළමු අර්ධය නිමා කර ද තරගයේ සමස්ත කාලය නිමා වන විට කාම්බෝජය යළිත් කරට කර සිටිමින් තරගයේ සමස්ත කාලය 1-1 ක් ලෙස අවසන් කරන්නට සමත් විය.


තරගයේ අතිරේක කාලයේ දී පළමු ගෝලය එකතු කර ගැනීමට සමත් වූයේ කාම්බෝජය ය.ඒ තත්ත්වය රැක ගනිමින් සම්පූර්ණ අතිරේක විනාඩි 30 ගෙවෙන තෙක්ම තරගයේ රැදී සිටින්නට කාම්බෝජය විශාල උත්සාහයක් ගනිමින් සිය ආරක්ෂක පෙළ හරහා ශ්‍රී ලංකා ආක්‍රමණයට තිත තබන්නට විශාල උත්සාහයක් ගත්තත,තරගයේ අවසන් තත්පර කිහිපයේ දී එය නිශ්පල විය.ගෝල හරස් චණ්ඩේ වැදී නැවත එන පන්දුව නොවැරදී දැළ තුළ පතිත කරවන්නට ක්ලෝඩියෝ කැමර්ක්නෙච්ට් ට හැකි විය.


ඒ අනුව තරගයේ ඉරණම විසදීම ශ්‍රී ලාංකේය දැල් රකින්නා වන සුජාන්ගේ දෑතටත්,කාම්බෝජ දැල් රකින ධාරාගේ දෑතටත් පැවරිණ.සුජාන් අතින් එහි වගකීම ඉටු වුවත්,ධාරාගේ දෑතින් රිංගා යන්නට හැකි වන සේ සිය දඩුවම් පහර නිසි පරිදි යොමු කරන්නට ජැක් හිංගිට්,සැමුවෙල් ඩුරාන්ට්,ඔලිවර් කෙලාර්ට් සහ ලියොන් පෙරේරා සමත් වූහ.ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම් හී ශ්‍රී ලංකාවට වඩා කණ්ඩායම් විසි ගණනක් ඉදිරියේ 180 වන ස්ථානයේ රැඳෙන කාම්බෝජයට එරෙහිව ලැබූ මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණෙනු ඇත.


මේ තරගයේ දී අවසාන තීරණය සඳහා සුජාන් පෙරේරාගේ සුරක්ෂිත දෑත හේතු වුව ද,ඔහුටත් වැරදුණු මොහොතවල සිය කාර්යය නිවැරදිව ඉටු කළ ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ කැපී පෙණින.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙස ශ්‍රේණිගත කිරීම් හී ස්ථානය නොසළකා බලන විට කාම්බෝජයට වඩා ඉහළ මට්ටමක කණ්ඩායමක් ලෙස පෙනෙන්නේය.පන්දු පාලනයේ සිටි යොමු කිරීම් සහ වේගවත් බවත් සළකද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් තන දුරටත් වැඩි කාලයක් එක් කොට රඳවා තබා ගැනීමේ සහ එය ශ්‍රී ලංකාවේ වැඩි පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් අතර හුවමාරු වන සේ බෙදී යාමේ අවශ්‍යයතාවය අපි තව දුරටත් දකින්නෙමු.


ශ්‍රී ලංකාවේ පාපන්දු ඉතා ඉක්මණින් ආසියානු මට්ටමෙන් ඉදිරියට ගෙන ඒම සඳහා විවර වී තිබෙන මේ ජයග්‍රාහී දොරටුව ශක්තිමත් කරන පෙළ ගැස්ම,රටට වඩාත් පලදායි ලෙස භාවිතයට ගැනීම ශ්‍රී ලංකා පාපන්දුවේ වගකීමය.
ශ්‍රී ලංකාව ලද මෙම ඓතිහාසික ජයග්‍රහණය නැරඹීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් දුන් සජීවී දසුන් හරහා ඔබටත් විඳින්නට අවස්ථාව ඇත.ඒ සඳහා පිවිසෙන්න. https://www.youtube.com/watch?v=MndLJuAz5IU

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...