*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ජනතා අභිලාෂයන් නියෝජනය කරන එකම විකල්පය අනුර – නිර්මාල් රංජිත් දේවසිරි

කොළඹ LNW:ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරු විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

අනුර දිසානායක මහතාගේ නියෝජනය යනු සමස්ත බහුජන ව්‍යාපාරය බවයි දේවසිරි මහතා සඳහන් කළේ.

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගැනීමට නම් සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාව බවද ඔහු පෙන්වාදුන්නේය.

”සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගැන සැලකිල්ලෙන් බැලුවාම මාලිමාව නියෝජනය කරන ප්‍රතිසංස්කරණවාදී ඉලක්ක සහිත අපේක්‍ෂකයෙක් ලෙස සමාජයේ පහළම තීරුවේ ජනතාව සම්බන්ධයෙන් පෙනීසිටින්න උත්සාහ කරනවා. නමුත්, සජිත්ගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගන්න නම්, සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාවයි. ඒ කියන්නේ හර්ෂ ද සිල්වාගේ පෙනීසිටීම සහ සජිත් ප්‍රේමදාසගේ පෙනීසිටීම අතර මූලික වෙනසක් තිබෙනවා. සජිත් පාර්ශ්වයේ ප්‍රධාන ආර්ථික චින්තකයා හර්ෂ ද සිල්වා. ඔහුගේ ප්‍රතිපත්තිමය නැඹුරුව රනිල් වික්‍රමසිංහයි. පදනමින් ගත්තාම වෙනසක් නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ, “මාලිමාව ආවොත්, අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා” කියලා. ඔහු පුන පුනා කියන්නේ අයි.එම්.එෆ්. ප්‍රවේශය නියෝජනය කරන්නේ සමඟි ජන බලවේගය බවයි. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කියන්නෙත් ඒකයි. ඒ අනුව මාලිමාවේ ආර්ථික චින්තනය සහ හර්ෂ ද සිල්වාගේ ආර්ථික චින්තනය අතර වෙනසක් මිස එළිපිට පෙනෙන ආකාරයෙන් සජිත් සහ අනුර අතර තරගයක් නැහැ. මෙතෙක් කල් ලංකාව අනුගමනය කළ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අධිපති ක්‍රමය බව අපි දන්නවා. එහි දිගුවක් රනිල් වික්‍රමසිංහ පැහැදිලිව නියෝජනය කරන අතර, විකල්පයක් ලෙස පෙනීසිටින්න උත්සාහ කළත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන්නෙත් එයමයි. පසුගිය කාලයේ අන්ත දූෂිත දේශපාලනය නියෝජනය කළ පිරිස රනිල් සහ සජිත් අතර බෙදී ගොස් සිටිනවා.

මේ තත්ත්වය තුළ ජනතා කේන්ද්‍රීයව සලකා බැලුවාම 2022 අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනස නියෝජනය කළ විශාල ජනතාවක් ඉන්නවා. ක්‍රම වෙනස කියන්නේ මූලික වශයෙන් ගත්තාම ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂිත ක්‍රමය අවසන් කර දූෂිත දේශපාලනයෙන් බැහැර වීමයි. ඒ ක්‍රම වෙනස සාක්‍ෂාත් කර ගැනීම සඳහා තෝරාගෙන තිබෙන දේශපාලන බලවේගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව සෘජුවම ප්‍රකාශ කරනවා. එයින් නියෝජනය කරන්නේ මාලිමාවේ සමස්ත බහුජන ව්‍යාපාරයයි. මම ඒ මතය නියෝජනය කරන සහ ක්‍රියාකාරීව මැදිහත් වන පුද්ගලයෙක්.” යනුවෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan