” වීර චූඩාමණී” දොරට වැඩුම!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

දිවිපරදුවට තබා සේවය කිරීම වෙනුවෙන් ” වීර චූඩාමණී” රාජ්‍ය සම්මානයෙන් පුද ලද මහ දිසාපතිවරයාගේ ස්වයං ලිඛ්ත චරිතාපදානය එළිදකී.


මාතර 45 වන මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කල ගාමිණී ජයසේකර මහතාගේ චරිතාපදානය ඇතුලත් ” වීර චූඩාමණී” ග්‍රන්ථය එළි දැක්වීම 2024 සැප්තැම්බර් මස 7 වෙනි සෙනසුරාදා සවස 2.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “ගාමිණී ජයසේකර” ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


වසර 34ක රාජ්‍ය සේවා අත්දැකීම් ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වන එතුමා එම අත්දැකීම් එක් කර මෙම කෘතිය රචනා කල තිබූ අතර ඔහුගේ පුත් මාධ්‍යවේදී අමිල ජයසේකර මහතා එය සංස්කරණය කර එළි දක්වනු ලැබීය.


ඔහුගේ විශේෂත්වය වන්නේ
• සුනාමි ව්‍යසනයට හසුව ඉන් ජීවිතය බේරා ගෙන,දරුණු ලෙස තුවාල ලබා සිටියදී,මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විනාශව තිබියදී,මාතර බෝධිය අසල මේසයක් සහ පුටුදෙකකින් තම කාර්‍යාලය අරඹා මාතර යලි නගා සිටුවීමට කටයුතු කිරීම.
• දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන "වීර චූඩාමණී" සම්මානයෙන් පිදුම් ලැබීම.
• දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිළධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා වීම.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න,විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ,මහාසංඝරත්නය,දිසාපතිවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන්,හිටපු සහ වත්මන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.


මෙහිදී අදහස් දැක්වූ ලලිත් වීරතුංග මහතා කියා සිටියේ “මෙය රාජ්‍ය නිලධාරියෙකු මහජනතාවට සේවය කිරීමේදී ලබන අත්දැකීම් ගැටලුවලට මුහුණ දෙන ප්‍රායෝගික ආකාරය අපට හොඳින් උගන්වන අත්පොතක් ලෙසයි”


මෙම කෘතිය මිලදී ගැනීමට 0718004006( AA books)අංකයට වට්සැප් පණිවිඩයක් යැවීමෙන් ඔබ නිවසටම ගෙන්වා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03)...

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...