ජනපති මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් හමුවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

අද (11)දින මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 371ක් පමණ ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට අවස්ථාව සැලසිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා මෙම අවස්ථාව උදා කර දී තිබේ.

පවතින කාර්ය බහුල තත්ත්වයේ වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳවත්, ශිෂ්‍ය පාර්ලිමේන්තු කටයුතු මෙන්ම අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ද විමසා බැලීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි සිසුවියන් සහ පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්ව ඇත.

PMD News

PMD News

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...