මාකදුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධිය යළි කරළියට. බිරිඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW: කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ බිරිඳ වන ගයානි මුතුමාලි මහත්මිය විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මාකඳුරේ මදුෂ් ඝාතනය කර වසර පහක ගතවී ඇතත් එම සිදුවීම සම්බධයෙන් සාධාරණය පරීක්ෂණයක් සිදුනොවුණු බවයි ඇය පෙන්වා දෙන්නේ.

”පොලිස් අත්අඩංගුවේ ඉඳල මේ විදිහට මියගිය එක ගැන තමයි තියන සැකය. අධිකරණයකින් දඬුවමක් දීලා එල්ලලා මැරුවත් කමක් නැහැ. සතෙක් වගේ පාරේ මරලා දාන තරමට වෙච්ච සිද්ධිය ගැන අනිත් එක අනෙක් පාතලෙන් කියන පිරිසගේ බයික් එක අහුවුණා. ඒ ගැනවත් අපිට කිසිම තොරතුරක්, සකකාරයෙක් ගැන මොනවත්ම තොරතුරක් හම්බුණේ නැහැ. සිද්ධිය වෙලා දැනට අවුරුදු පහක් වෙනවා. අපි සාධාරණයක් බලාපොරොත්තුව තමයි මේ ඉල්ලීම කළේ පොලිස්පතිතුමාට ලියුමක් ඉදිරිපත් කරලා.”

මෙම ඝාතනය වූ සමයේ ඒ ගැන කතාකිරීමට නොහැකියාවක් තිබුණ නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය හේතුවෙන් උක්ත ඉල්ලීම සිදුකරන බව ඇය වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...