පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායක යළි විවාදයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය ගැන කථානායකවරයා ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරීමට ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) සහ 46 (3) වගන්ති අනුව පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ගැන ඇති බවත් හෙතෙම පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය මේ රටේ සුවහසක් ජනතාව කතෝලික ජනතාව වින්දිතයන් අපේක්ෂාවෙන් සිටින හෙයින් එම ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...