මැදමුලනට යන මහින්ද බලන්න දේශපාලකයින්, විදෙස් නියෝජිතයින් රැසක් විජේරාමේ නිල නිවසට!

0
1239

කොළඹ LNW:“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවස යළි භාරදීමට සිදුව ඇති අතර විජේරාමෙන් පිටත්වීමට සූදානම් වන හිටපු ජනාධිපතිවරයා බැහැ දැකීමට අද උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් එහි පැමිණි ආකාරය දැකගත හැකිවිය.

පනත ප්‍රකාරව නිල නිවස අහිමි වන හෙයින් රාජපක්ෂ මහතා කොළඹ නිල නිවසින් පිටත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ