තේජාන්විත ..
නුඹේ ගමනට..
වශීනොවූයේ කවුරුන්ද..
කිරි පාට දිදුලන ..
වැඩුණු දළ යුඟළ …
නුඹේ ඔය බැල්මට..
ආභරණයක් මැ නේද..
ඉතිං….මහසිළු..
ඇයි නිහඬ..
හදි කළේ කවුරුන්ද…
කියන් ඇත් පුතුණි ..
එකා දෙන්නා නොව …
මැරී වැටෙන විට දිනෙන් දින…
නුඹ වැනිම ඇත් රජුන් …දහසක්..
උහුලගත නොහැකිව…
දිනෙක…
පැලී යාවි නොවැ සත්කඩකට …
නුඹ දරා උන්…
මේ නිහඬ මහ පොළොව …

රෂිකා හෙන්නායක
