තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන් මෙතෙක් පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස රජයට භාරදී තංගල්ලේ පිහිටි තම කාල්ටන් නිවසේ පදිංචියට පිටත්ව ගියේය.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පදිංචි වීම සඳහා සුපිරි නිවාස දෙකක් ලබාදීමට අද පෙරවරුවේම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව, ජර්මනියේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ තමන්ට අයත් රාජගිරිය, නාවල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක් ඒ මහතාගේ පදිංචිය සඳහා අද සිටම හෝ ලබාදීමට හැකි බවයි.

එමෙන්ම අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාව හමුවූ තවත් ව්‍යාපාරිකයකු, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට නුදුරින් ජයන්ති මාවතෙන් සුපිරි නිවසක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලට ගෙනදීමට පොරොන්දු වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මීට අමතරව අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාව හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද අවශ්‍ය ඕනෑම දෙයක් පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස පවසා ඇති අතර එම ඕනෑම ඉල්ලීමක් ඉටුකිරීමට පොරොන්දු වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට රන් ඔටුණු තෑගී ; තීරුබදු අඩු වේ, ඩොලර් බිලියන 350 ක ආයෝජන වේගවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...