කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කමාන්ඩෝ සලින්ත නැමැත්තාට T56 උණ්ඩ අලෙවිකිරීමේ චෝදනාවට යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නා විට මුලතිව් මල්ලාවි හි පලෙයිනගර් යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස සේවය කරමින් සිට ඇති අතර
ඔහු ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ සමයේ කමාන්ඩෝ සලින්ත සමග තිබූ හිතවත්කමක් මත T56 උණ්ඩ 260ක් අවස්ථා දෙකක දී රුපියල් ලක්ෂ 6.5කට අලෙවිකර ඇති බවට චෝදනා එල්ල වි ඇත.

අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව සඳහන්.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වීමේ චෝදනාව මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...