අද ප්‍රචණ්ඩත්වයට දිය හැකි එකම විසඳුම මර්දනය විතරයි – නාමල් (VIDEO)

Date:

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්වයන් වෙනස් වන්නට ඉඩ තිබුණු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඒ අය දැන් මර්දනයක් ගැන කතා කරනවා. ගෙයක් ගිනිතිබ්බොත් ඒ මනුස්සයාව අත් අඩංගුවට ගන්න ඕනෙ, පාරෙ මනුස්සයෙක්ව මැරුවොත්, යම්කිසි හෙයකින් ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නොත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් අපෙ ආදරණිය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, කිසි දවසක මේ රටේ විනයක් හදන්න අපට බැරිවෙනවා. මං විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ කාරණය කරන්න තිබ්බා, ඒත් යම්කිසි හේතුවක් හින්දා ඒක වුණේ නෑ. එදා ප්‍රචණ්ඩත්වය මෙහෙයවන අයට, ප්‍රචණ්ඩත්වය සමාජ මාධ්‍ය තුළ පතුරුවන අයට ගිනිතියන්න මරන්න කියලා පොළඹවන අයට ගෝඨාභය ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරලා තිබ්බා නම් අද මීට වඩා තත්වය වෙනස් වෙන්න තිබුණා. හැබැයි අපි සතුටු වෙනවා රනිල් ජනාධිපතිතුමා ඒ කාරණය ඉටු කරනවා. අරගලය පිළිබඳ ගැටලුවක් නෑ, හැබැයි ඒ අරගලකරුවා, අරගලය මෙහෙයවපු ක්‍රමය පිළිබඳ මට ගැටලුවක් තියෙනවා. අද ප්‍රචණ්ඩත්වයට දිය හැකි එකම විසඳුම මර්දනය මිසක් වෙන කිසිවක් නෙවෙයි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...