රාජ්‍ය ඇමතිවරුන් වැඩ නොකරනවා නම් මාස හයෙන් අයින් කරන්න – ඩයනා

Date:

තමන් ද ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම් මාස 6කින් ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කළයුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මේ රටේ කාලයක් තිස්සේ ආපු සිස්ටම් එකක් තියෙනවානෙ. රාජ්‍ය ඇමතිකම් දුන්නා කියලා ඒ රාජ්‍ය ඇමතිවරුන්ට ගෙදර ඉඳගෙන මේ ඕනෙ කරන ප්‍රතිපාදන අරගෙන ගෙදරට වෙලා ඉන්න බෑ. පුද්ගලිකව මම කියලා තියෙන්නේ මම වුණත් වැඩ කරන්නේ නැත්නම්, අපේ රාජ්‍ය ඇමතිකම් අරගෙන මාස හයක් ඇතුළත අපට බැරිනම් රටට යම්කිසි දැනෙන දෙයක් කරන්න, අනිවාර්යයෙන්ම මම හිතන්නෙ එතනින් අයින් වෙන්න ඕනෙ, නැත්නම් අයින් කරන්න ඕනෙ. මොකද රටක මේක අපි බාරගන්න වගකීමක්, අභියෝගයක්. අපි ඒකට මුහුණ දෙන්න ලෑස්තිවෙලා ඉන්න ඕනෙ. එතකොට මේ අමාත්‍යාංශ එක එක්කෙනාට බෙදලා දීලා තියෙන්නෙ මේ අමාත්‍යාංශය තුළින් රට ගොඩදාන්න තමයි. කැබිනට් ඇමති කියන කෙනාට හැමදේම කරන්න බෑ. දැන් කැබිනට් ඇමතිකමක් දුන්නාම ඒගොල්ලොන්ට කැබිනට් පත්‍රිකා දාන්න පුළුවන්, කැබිනට් ඇමති කෙනෙකුට භාරදූර වගකීම් ගොඩාක් තියෙනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම බෙදිලා අනිත් අයටත් ඒ වගකීම යා යුතුයි. ඒ හින්දා මේ වැඩ කොටස කරන්න තමයි දීලා තියෙන්නෙ. මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. එහෙම කරන්නෙ නැත්නම් මම නම් පුද්ගලිකවම කියලා තියෙන්නෙ මාව වුණත් අධීක්ෂණය කරන්න, වැඩේ කරන්නෙ නැත්නම් අයින් කරලා, කරන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා නම් දාන්න”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ගුවන් විදුලි නාලිකාවක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...