දැන් 69 ලක්ෂය සමූහ දූෂණය කරලා – ඩලස්

එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 69 ලක්ෂයක ජනවරමක් ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ නමැති බිල්ලා පෙන්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“අද මේ පක්ෂයේ සමහර නායකයින් විදියට පෙනී ඉන්න අය නෙළුම් මාවතේ හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා. මේ පක්ෂය හදද්දී කිව්වේ ඕක ජී. එල්. පීරිස්ගේ කුණු කාණුව කියලා. රනිල් වික්‍රමසිංහ කියන බිල්ලා පෙන්නුවා. ඒ බිල්ලා දීලා තමයි මේ 69 ගත්තේ. ඒකට මහබැංකුවේ මහදවල් මහ හොරකම කියලා කිව්වා, පාස්කු ප්‍රහාරය කියලා කිව්වා. අපි ඇඟිල්ල දික්කරපු විත්තිකාරයා මේ දේශපාලන ව්‍යසනයට උත්තරය විදියට තෝරාගත්තා. 69 ලක්ෂයේ ජනවරම අපයෝජනය කරලා තියෙනවා. ආර්ථිකය විතරක් නෙවෙයි 69 ලක්ෂයේ ජනවරම දැන් සමූහ දූෂණය කරලා තියෙනවා අපෙ හාමුදුරුවනේ. ඒ නිසා අපි නිදහස විදියට තීරණය කළේ මේකට විරුද්ධව නැගිටින්න ඕනෙ කියලා”

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවරදී පැවති “නිදහස ජනතා සභාවේ” රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...