රැජිනට අවසන් ගෞරව දක්වන්න රනිල් එක්සත් රාජධානියට

Date:

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංග්‍ය උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන සතිඅන්තයේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.

මේ වනවිටත් ඊට අදාල කටයුතු ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ.

ලබන 19 වැනිදා මහ රැජිනගේ අවසන් කටයුතු සිදුවන අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊට පෙර දිනයේදී එක්සත් රාජධානිය වෙත පිටත්ව යනු ඇත. දින 03 ක් එහි රැඳී සිටින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළේ සාමාජිකයක් පිරිසක් හමුවීමටද උත්සාහ දරමින් සිටී. 20 වැනිදා වික්‍රමසිංහ මහතා පෙරළා පැමිණීමට සැළසුම් කර ඇත.

ලබන 19 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද රජය පියවර ගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...