යුක්රේන හමුදා ඉදිරියට; රුසියාවට ප්‍රධාන නගරවල පාලනය අහිමි වේ.

යුක්රේන හමුදාවන්ගේ සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන් මොස්කව් ඊසානදිග යුක්රේනයේ ප්‍රධාන බලකොටුව Izyum අතහැර දමා ඇති බව වාර්තා වේ. මෙය මොස්කව් ලැබූ දරුණුතම පරාජය ලෙස ද සැලකේ.

යුක්රේන හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ රුසියන් සොල්දාදුවන් සිය පතරෝම් හා තුවක්කු අතහැර මෙලෙස පලා ගොස් ඇති අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් යුක්රේන භූමියට අයත් වර්ග කිලෝමීටර් 2000ක් නැවත බලා ගත් බව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රුසියා ආරක්ෂක අංශය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ ඩොනෙට්ස්ක්හි වෙනත් ස්ථානවල මෙහෙයුම් ශක්තිමත් කරන ලෙසට සහ ඊසානදිග යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන Izyum අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය හමුදාවන්ට නියෝග කළ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් යුක්රේනය පවසන්නේ යුක්රේන හමුදාවන්ට බියෙන් රුසියා හමුදා ඒකක ජීවිතාරක්ෂාව පතා පලා ගිය බවයි.

පසුගිය දා යුක්රේන අගනුවරට පැමිණි ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් පවසා තිබුණේ රුසියානු හමුදාවන්ට එරෙහි සටනේදී බර්ලිනය යුක්රේනයට දිගටම සහාය දෙන බවයි. එහිදී ජර්මානු විදේශ ඇමතිනිය ප්‍රකාශ කර තිබුණේ අප මත විශ්වාසය තැබිය හැකි බව පෙන්වීමට කියෙව් වෙත පැමිණි බවත් ආයුධ බෙදා හැරීම සහ මානුෂීය සහ මූල්‍ය ආධාර සමඟ අවශ්‍ය තාක් කල් අපි යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...