එහෙනම් කවුද පිටින් ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන්නේ ? – ඇමති චතුරංගගේ කතාවට රවීට මළපනී

මෙරට රාජ්‍ය අංශයටත් වඩා පෞද්ගලික අංශය දූෂිත බවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසා ඇති බවත් එවැනි ප්‍රකාශ සිදුකරමින් මේ රටට විදෙස් ආයෝජකයින් ගෙන්වා ගන්නේ කෙසේද යන ගැටලුව මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“චතුරංග අබේසිංහ ප්‍රකාශයක් කරලා තියෙනවා පුද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා දූෂිතයි කියලා. ඒ වගේ ප්‍රකාශ කරනවා නම් එහෙම, එහෙනම් යකෝ මේ මුළු රටම … එහෙනම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රජයේ සේවය, දේශපාලනඥයෝ, පුද්ගලික අංශය, එහෙනම් කවුද නැත්තේ කියන ප්‍රශ්නය එනවා. එතුමාගේ කතාව මං නැහැයි කියන්නෙ නැහැ. මොකද එතුමා සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා හොයලා බලලා කතා කරන එක. නමුත් මේ වගේ මුළු රටම ප්‍රශ්න වුණාම කවුද පිටින් ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන්නේ ? මම මීට පෙර කිව්වා බිලියන 36ක් උපයන්න ඕනෙ නම් අපනයනවලින් 2030දී, අද බිලියන 18යි, මේක හොයාගෙන යනකොට එක අවුරුද්දකදී 12%ක ආර්ථික වර්ධන වේගයක් අවශ්‍යයි. මම මුල ඉඳන්ම කියන්නේ මේ රටේ හැම ප්‍රශ්නයකටම මූලාශ්‍රය තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නය. ආර්ථික ප්‍රශ්නය නිසා තමයි මේ රටේ අසමගිතාවය තියෙන්නෙත්. එදා ඩී. එස්. සේනානායක නිදහස ගන්නකොට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ඔක්කොම එකට අපි ශ්‍රී ලාංකිකයින් කියලා හිටියේ. ඊට පස්සෙ තමයි මේ කෑලි කඩලා පළාත් කඩලා මේ ජාතිවාදී ප්‍රශ්න, ආගම්වාදී ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නෙ මේ ආර්ථිකයේ තියෙන විෂමතාවය නිසායි. ඒ නිසා මේක නිවැරදි කරන්න අත්‍යාවශ්‍යයි. ඒ නිසා මං හිතන විදියට මේක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...