වත්මන් කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බැවින් ඒ මහතාට කථානාධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු තාවකාලිකව හෝ කථානායක ධුරයෙන් ඉවත්වී සාධාරණ විමර්ශනයකට ඉඩදිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
“මෙතන කථානායකතුමා ගැන තියෙන ප්රශ්නය තමයි, අපේ දයාසිරි ජයසේකර මන්ත්රීතුමා මතුකළා කථානායකතුමාට තිබෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අංක AC/056/2026/B2006 කියන ලිපිගොනුව යටතේ විමර්ශනයක් සිදුවෙනවා කථානායකතුමාට විරුද්ධව. එතකොට මේ විමර්ශනය වෙන්නේ පාර්ලිමේන්තුවේදී එතුමා කථානායකවරයා හැටියට පත්වෙලා මේ අවුරුදු දෙකක කාලසීමාව තුළ වෙච්ච යම්යම් සිද්ධීන් සම්බන්ධව. ඒ දූෂණ විමර්ශනය වෙනකොට ඒ ගනුදෙනු සම්බන්ධව විමර්ශනය කරනකොට එතුමා මේ කථානායක පුටුවේ රැඳී සිටීම සදාචාරාත්මක නැහැ. ඒක තමයි මේ ගැටලුව තියෙන්නෙ. ඒකෙ නීතිමය වශයෙනුත් ප්රශ්නයක් තියෙනවා. . යම් ආයතනයක ඉහළ නිලධාරියෙක් සම්බන්ධව පරීක්ෂණයක් යනවා නම් අනිවාර්යෙන්ම ඒ ඉහළ නිලධාරියා තාවකාලිකව අයින් වෙන්න ඕනෙ පරීක්ෂණයට ඉඩදීලා. මේක තමයි තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුව බලයට එන්න කලින් ගත්ත මැන්ඩේට් එක. මේවා තමයි මැතිවරණ වේදිකාවල ඔබතුමන්ලා කිව්වෙ. අපි ආවාම අපේ ආණ්ඩුවෙත් හොරකම් සිද්ධවෙනවා නම් අපි ඒවා අල්ලනවා කියලා තමයි ආවෙ. දැන් ඇවිල්ලා නීතියට උඩිනුත් කවුරුත් නැහැයි කියලාත් ජනාධිපතිතුමා කියනවා. දැන් ඒ නීතිය ස්ථාපිත කරන්න ඕනෙ. ඉතින් ඒක පාර්ලිමේන්තුවේදී කතා කරන්න කථානායකතුමා ඉඩදෙන්නෙ නැහැයි කියන්නෙ විශාල ප්රශ්නයක්. ඒක මන්ත්රීවරුන්ගේ අයිතීන් පිළිබඳ ප්රශ්නයක්. ස්ථාවර නියෝග පිළිබඳ, අපිට තියෙන අයිතිය පිළිබඳ ප්රශ්නයක්. අපි මෙතන කතා කරන්නෙ නැතිව ගිහිල්ලා කොහේ කතා කරන්නද ?
කථානායකට පුළුවන් මේකට උත්තර දෙන්න. එතුමාට උත්තර දෙන්න අයිතිය තිබියදීත් මන්ත්රීවරයකුට නැගිටලා ස්ථාවර නියෝග අනුව ප්රශ්නයක් මතුකරන්න ඉඩදෙන්නෙ නැතිනම් ඒක විශාල ප්රශ්නයක්. මීට කලින් හිටපු කථානායකලා මෙහෙම හැසිරිලා නෑ. මේ පුටුවෙ හුඟක් අය හිටියානෙ. අගමැතිතුමියටත් මතක ඇති ආපි ඔබතුමිය එක්කත් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට කතාකිරීමට ඇති අයිතිය ගැන ඒකාලේ ප්රශ්න කළා. ජනාධිපතිතුමා විපක්ෂයේ අපි එක්ක වාඩිවෙලා ඉන්නකොට අපි එතුමා එක්කත් එකට ෆයිට් කළා. කිසිම කථානායකවරයෙක් මේ වගේ ඒකාධිපති විදියට හැසිරුණේ නෑ. ඉතින් මේක හදාගන්න ලාල්කාන්ත ඇමතිතුමා. දැන් තමුන්නාන්සෙලාගෙ පිලෙන්ම ගෙනල්ලා වාඩි කරවපු මනුස්සයා අන්තිම ඒකාධිපති විදියට හැසිරෙනවා. අපරාදෙ අර සහතිකය නැතිවුණත් අපිට රන්වලව ගෙනල්ලා මේකෙ තියන්න තිබුණා. දැන් අපි කියන්නෙ සහතිකය ඕනෙ නෑ, රන්වලව ගෙනල්ලා වාඩිකරවන්න මේකෙ. අපි සහතිකය අහන්නෙත් නෑ, සහතිකය එපා අපිට. නැත්නම් නියෝජ්ය කථානායකතුමාව කථානායක කරන්න. මෙතුමා ඩොකටර් කෙනෙක්, මොකක්ද තියෙන අඩුපාඩුව ? මෙතුමා සාධාරණව සභාව මෙහෙයවනවා. මෙතුමාව කථානායක කරන්නකො. ඒක කරන්නෙත් නැහැ”
මුජිබර් රහුමාන් මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (10) දයාසිරි ජයසේකර මන්ත්රීවරයාගේ ප්රකාශයකට කථානායකවරයා විසින් බාධාකිරීමෙන් පසු ඇතිවූ තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.


