දෙහිවල, කවුඩාන, සිරිසඟබෝ මාවත ප්රදේශයේ පිහිටි නිවසකට අද (11) අලුයම අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
අත්බෝම්බය පුපුරා යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් සහ 17ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකි.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින්නේ එම දරුවන්ගේ පියා වන 55 හැවිරිදි අයෙකු බව සඳහන්.
පෙරේදා (09) රාත්රියේ ද කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබුණු අතර එම බෝම්බය පුපුරායාමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකකට සහ විදුරුවලට හානි සිදුව තිබිණි. කෙසේවෙතත් එහිදී ජීවිත හානි කිසිවක් සිදුව තිබුණේ නැත.


