සිංහරාජය ගැන සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කෙරේ!

Date:

කොළඹ LNW:සිංහරාජය නැරඹීමට රත්නපුර දිස්ත්‍රික්කය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ඉදිකළ තොරතුරු මධ්‍යස්ථානය රත්නපුර, කලවාන, කුඩාව, දොරවක ඇල්ල ප්‍රදේශයේදී විවෘත විය .

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරුණු අතර මෙම මධ්‍යස්ථානය ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද්දකි.

ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික් තුනකට මායිම්ව පිහිටා ඇති සිංහරාජ ජෛවගෝල රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 11 187ක් පුරා පැතිර පවතී.

පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිවර්තන වනාන්තර සහ උප කඳුකර වනාන්තර යන වෘක්ෂලතාවලින් සමන්විතය.

හෙක්ටයාර 1ක් තුළ ශාක වර්ග 240000 ක් පමණ දක්නට ලැබෙන මෙම වනාන්තරය තුළ තුරු වියන් ස්ථර හතරකින් සමන්විතය.

මෙරටට ආවේණික ශාක වර්ග 192ක්, ඉතාම දුර්ලභ ශාක වර්ග19ක් සහ ජාතික මට්ටමින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 30ක්ද ගෝලීය මට්ටමෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණපා ඇති ශාඛ වර්ග 116ක්ද මෙහි දක්නට ලැබේ.
මෙරටට ආවේණික ක්ෂීරපායී විශේෂ 07ක් පක්ෂී විශේෂ 25ක්, උරඟ විශේෂ 21ක් උභය ජීවීන් 28ක් සහ මත්ස්‍ය විශේෂ 11ක් මෙහිදී හමුවේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන් , පලාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එන්.බී.කේ.එස් සේනාරත්න මහතා, සමන්ති රණසිංහ මහත්මිය, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බණ්ඩාර මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා,අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා, යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් වන ජාතික කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අවන්ති සේනාරත්න, යුනෙස්කෝ සාමාජිත ආචාර්ය ජිනී දෑල, පාරිසරික විද්‍යාඥ මහචාර්ය නිමල් ගුණතිලක, යන මහත්ම මහත්මීන්ද, කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය , රත්නපුර සහකාර පොලිස් අධිකාතුම අජිත් කුමාර පිටිගල ඇතුළු පොලිස් නිලධාරීන්ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්ද, ප්‍රදේශවාසීන්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...