Kiss එක උසාවියට – රුබියල්ස් එළියට

Date:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ජය සංඛෙිත ප්‍රදානයේ දී ස්පාඤ්ඤ පාපන්දු සභාපති වූ ලුයිස් රුබියල්ස් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවක වන ජෙනී හර්මෝසෝ ගේ එකඟතාවයකින් තොරව ඇයගේ දෙතොල් සිප ගැනීමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.ස්පාඤ්ඤ රජයේ නීතිවේදීන් පිරිසක් මෙම නඩු පැවරීම සිඳු කර ඇත්තේ මැඩ්රිඩ්හි හී පිහිටි ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයට ය.
මේ අතර ඇති වී තිබෙන විරෝධතාවය හේතු කරගෙන ස්පාඤ්ඤ සභාපති ලුයිස් රුබියල්ස් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එහෙත් ස්පාඤ්ඤයේ නව නීතිය මගින් “ලිංගික හිරිහැර” සහ “ලිංගික අතවර” අතර වෙනස ඉවත් කර ඇත.ඒ අනුව සමහරවිට මේ නඩු පැවරීම හරහා රුබියල්ස් ට එරෙහිව වසර 1 සිට 4 දක්වා සිර දඬුවමකට යටත්වීමට පවා සිඳුවිය හැකිය.

මේ තත්ත්වය මත ස්පාඤ්ඤයේ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විශාල එකමුතු භාවයක් වර්ධනය වෙමින් පවතින අතර,මේ වන විට එය ශක්තිය කරමින් වෘත්තිය පාපන්දු ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් ද යම් යම් ඉල්ලීම් දැඩිව මතුවෙමින් ඇත.ඒ නිසා ඇතැම් ක්‍රීඩා සමාජ අතර තරග කල් දැමීමට පවා සිඳු වී ඇති අතර නමුත් රුබියල්ස්ට එරෙහිව සිය කැමත්තෙන් එම සිප ගැනීම සිඳු නොවුණු බව කී ජෙනී හාර්මොසෝ මේ විරෝධතා තුළ සක්‍රීයව සිටින බවක් පෙනෙන්නට නැත.ඊට හේතුව ඇය වෘත්තීයමය පාපන්දු ක්‍රීඩිකාවක ලෙස නටයුතු කරන මෙක්සිකෝවේ “පචුකා ක්‍රීඩා සමාජය” සමඟ එක්වීමට මෙක්සිකෝවට ගොස් සිටීමය.

ලෝක සූරතාවය දිනා ගත් කණ්ඩායමේ ක්‍රීඩිකාවක වීම නිසා මෙන්ම ඇය මේ මොහොතේ නිර්භීතව සිය සභාපතිවරයාගේ නොමනා හැසිරිමට එරෙහිව පෙනී සිටින ගෞරවණීය ආකාරයත් නිසා ජෙනී ට ප්‍රචාකා ක්‍රීඩිකාවන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි.මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එසේ ජෙනී හාර්මොසෝ වෙනුවෙන් පුචාකා ක්‍රීඩිකාවන් දැක් වූ ආදරණීය සහ උණුසුම් පිළිගැනීමයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...