Kiss එක උසාවියට – රුබියල්ස් එළියට

Date:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ජය සංඛෙිත ප්‍රදානයේ දී ස්පාඤ්ඤ පාපන්දු සභාපති වූ ලුයිස් රුබියල්ස් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවක වන ජෙනී හර්මෝසෝ ගේ එකඟතාවයකින් තොරව ඇයගේ දෙතොල් සිප ගැනීමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.ස්පාඤ්ඤ රජයේ නීතිවේදීන් පිරිසක් මෙම නඩු පැවරීම සිඳු කර ඇත්තේ මැඩ්රිඩ්හි හී පිහිටි ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයට ය.
මේ අතර ඇති වී තිබෙන විරෝධතාවය හේතු කරගෙන ස්පාඤ්ඤ සභාපති ලුයිස් රුබියල්ස් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එහෙත් ස්පාඤ්ඤයේ නව නීතිය මගින් “ලිංගික හිරිහැර” සහ “ලිංගික අතවර” අතර වෙනස ඉවත් කර ඇත.ඒ අනුව සමහරවිට මේ නඩු පැවරීම හරහා රුබියල්ස් ට එරෙහිව වසර 1 සිට 4 දක්වා සිර දඬුවමකට යටත්වීමට පවා සිඳුවිය හැකිය.

මේ තත්ත්වය මත ස්පාඤ්ඤයේ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විශාල එකමුතු භාවයක් වර්ධනය වෙමින් පවතින අතර,මේ වන විට එය ශක්තිය කරමින් වෘත්තිය පාපන්දු ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් ද යම් යම් ඉල්ලීම් දැඩිව මතුවෙමින් ඇත.ඒ නිසා ඇතැම් ක්‍රීඩා සමාජ අතර තරග කල් දැමීමට පවා සිඳු වී ඇති අතර නමුත් රුබියල්ස්ට එරෙහිව සිය කැමත්තෙන් එම සිප ගැනීම සිඳු නොවුණු බව කී ජෙනී හාර්මොසෝ මේ විරෝධතා තුළ සක්‍රීයව සිටින බවක් පෙනෙන්නට නැත.ඊට හේතුව ඇය වෘත්තීයමය පාපන්දු ක්‍රීඩිකාවක ලෙස නටයුතු කරන මෙක්සිකෝවේ “පචුකා ක්‍රීඩා සමාජය” සමඟ එක්වීමට මෙක්සිකෝවට ගොස් සිටීමය.

ලෝක සූරතාවය දිනා ගත් කණ්ඩායමේ ක්‍රීඩිකාවක වීම නිසා මෙන්ම ඇය මේ මොහොතේ නිර්භීතව සිය සභාපතිවරයාගේ නොමනා හැසිරිමට එරෙහිව පෙනී සිටින ගෞරවණීය ආකාරයත් නිසා ජෙනී ට ප්‍රචාකා ක්‍රීඩිකාවන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි.මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එසේ ජෙනී හාර්මොසෝ වෙනුවෙන් පුචාකා ක්‍රීඩිකාවන් දැක් වූ ආදරණීය සහ උණුසුම් පිළිගැනීමයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...