ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමින් පැවසූවේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය,

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සඳහා සම්මත කරගැණුනු 46/1 සහ 51/1 දරන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත වාර්තාව එහි නිගමනයන් සහ නිර්දේශ ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු පිළිගත නොහැකි අන්තර්ගතයන් සහිත අදාළ යෝජනාවලට මූලික වශයෙන්ම එකඟවිය නොහැකි බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමාජික රටවල් බොහෝමයක් කටයුතු කළා. මෙය මානව හිමිකම් මණ්ඩලයේ සහ එහි සාමාජික රටවල සම්පත් අනවශ්‍ය ලෙස යොදා ගැනෙන නිශ්ඵල ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවේ අදහසයි. එබැවින් ඊට අප සහාය නොදක්වන අතර රටට සහ එහි ජනතාවට ප්‍රයෝජනවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් යාන්ත්‍රණයන්ට පමණක් අප ඵලදායි ලෙස සම්බන්ධවෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය වන්නේ නැහැ. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ආර්ථික සහ මුල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත තැනැත්තන් පවා ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිමත්භාවය පිළිබඳ විශ්වාසයෙන් පසුවනවා.”

ලෙස ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය කියා සිටියාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...

Tasty Tuesdays: ඉන්දියාවේ රස රහසක තවත් වට්ටෝරුවක්! Masala Dosa: India’s Golden Crunch That Won the World

සටහන – පුලී ජනවාරි 06, කොළඹ (LNW): ඉන්දියාවට ආවේණික රස...